සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාත්‍යාන්තර නාවුක මාර්ගය ලංකාවෙන් දුරස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය විරෝධය පල කරයි!

by editor
ජූනි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර නාවුක ගමනාගමන මාර්ගය දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 15 කින් දුරස් කරන්නැයි, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය කරන ලද යෝජනාවට එකඟ නොවන බව ශ්‍රී ලංකා රජය එම සංවිධානයට දැනුම්දී තිබේ.

නිල් තල්මසුන් ආරක්ෂා කරගැනීම සහ කුඩා නාවික යාත්‍රාවල ගැටී සිදුවන අනතුරු සම්බන්ධව කළ සමාලෝචනයකින් පසු  ජාත්‍යාන්තර සමුද්‍රීය සංවිධානය මෙම යෝජනාව ගෙනැවිත් තිබිණි.

කෙසේ වෙතත්  ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ ලබන මාසයේ පැවැත්වෙන එම සංවිධානයේ 80 වෙනි සැසිවාරයේ න්‍යාය පත්‍රයෙන් මෙම යෝජනාව පිළිබඳ සාකච්ඡාව ඉවත්කරන ලෙසය.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ 80 වෙනි සැසිවාරය ලබන මස 03 වෙනිදා සිට 07 වැනිදා දක්වා එක්සත් රාජධානියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ජාත්‍යාන්තර සමුද්‍රිය ගමන් මාර්ගය ශ්‍රි ලංකාවෙන් දුරස් කිරීම සඳහා වූ යෝජනාව සාකච්ඡාවට ගැනෙන මෙම සැසියට ශ්‍රී ලංකාවෙන්ද විශේෂ කණ්ඩායමක් සහභාගී වීමට නියමිතව ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය ගෙන එන මෙම යෝජනාවට  තල්මසුන් පිළිබඳ ජාත්‍යන්තර කොමිසම, නෞකා ගමනය පිළිබඳ ජාත්‍යන්තර මණ්ඩලය, නැව් හිමිකරුවන් නියෝජනය කරන බිම්කෝ සංවිධානය  නිදහස් තෙල් ප්‍රවාහන නෞකා හිමිකරුවන්ගේ ජාත්‍යන්තර සංවිධානය ඇතුළු සංවිධාන 8 ක්  මෙම යෝජනාවට සම අනුග්‍රහය දක්වයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රජය තමන් මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් යොමුකළ බවත් ඊට එකඟ වීමට නොහැකි බවත් එම සංවිධානයට නිල වශයෙන් දැනුම්දී  තිබේ.

අදාළ කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි   ප්‍රකාශ  කර ඇත.

පසුගිය 09 වෙනිදා සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

විශාලතම නාවික ගමනාගමන මාර්ගයක් වන නැගෙනහිර හා බටහිර නාවික මාර්ගය වැටී ඇත්තේ දෙවුන්දරට නාවික සැතපුම් 12 ක් තරම් සමීපයෙනි.

 

දළ වශයෙන් මේ නාවික මාර්ගයේ අපේ රටට සමීපව වෙළෙඳ නෞකා පමණක් වර්ෂයකට හතළිස් දහසකට අධික ප්‍රමාණයක් යාත්‍රා කරයි.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය හෙවත් IMO  නව යෝජනාව වී ඇත්තේ දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් පහෙළාවකින් ඔබ්බම මෙම ගමන් මාර්ගය ස්ථාපිත කළ යුතු බවයි.

එසේ වුවහොත් කොළඹ වරායේ සිට නාවික සැතපුම් 76 ක් දක්වාත් ගාලු වරායේ සිට නාවිත සැතපුම් 21.6 ක් දක්වාත් හම්බන්තොට වරායේ සිට නාවික සැතපුම් 26.9 ක් දක්වාත් නව ජාත්‍යන්තර නාවික මාර්ගය දුරස් වනු ඇති.

මේ අතර ලොව ප්‍රධාන නෞකා සමාගමක් වන මෙඩිටර්රේනියන් ෂිපින් කම්පැණි හෙවත් එම්එස්සී සමාගම දැනටමත් මෙම ප්‍රධාන මුහුදු මාර්ගයෙන් නාවික සැතපුම් 15 ක් ඔබ්බෙන් යාත්‍රා කිරීමට තීරණය කර තිබේ.

ඔවුන් සෙසු සමාගම්වලින් ද ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වඩාත් දකුණු දෙසින් විකල්ප මාර්ග තම ගමනාගමන කටයුතු සඳහා භාවිත කරන ලෙසය.

නිවුස් ෆස්ට් –

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

17 හැවිරිදි දැරියකගේ නිරුවත් වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හරින බවට තර්ජනය කළ හමුදා සෙබලෙක් අත්අඩංගුවට…

Next Post

රටේ උරුමය ගැන ලෝකයට කියන අධ්‍යාපන මධ්‍යස්ථානයක් තොරොම්බල් කඩයක් කරන්න යයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.