බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටම හිඟා කද්දී පොලිසිය බාල් නටන්න සූදානම්…

by editor
අගෝස්තු 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටක් ලෙස දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වී මිනිස්සු අන්ත අසරණ වී  සිටින අවස්ථාවක, සියලුම රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමේ උපදෙස් සහිත චක්‍රලේඛන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ජනාධිපතිවරයාගේ නියමයෙන්  නිකුත් කරමින්  තිබෙද්දී ඉතිහාසයේ නොවූ විරූ උත්කර්ෂයකින් මෙවර පොලිස් දිනය සැමරීමේ සූදානමක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ඔක්තොම්බර් 03 වැනිදාට යෙදෙන   156 වැනි   පොලිස් දින සැමරුම සූදානම් කරන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ අවශ්‍යතාවය මත පොලිස්පතිවරයාවත් අභිබවා ගිය එක්තරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ මැදිහත්වීමෙන් බවය. මෙවැනි උත්සවයක අවශ්‍යතාවය පොලිස් දෙපාර්තමේන්තුවට නොමැති බවත් ඔවුන් පෙන්වා දෙන්නේය.

පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග  පවසන්නේ  කෝටි ගණනක් වැය කර  මෙම පොලිස් දින නාඩගම නටන්නට යන්නේ  පොලිසියේ වාහන අලුත්වැඩියා කරගැනීමට, බැරැක්ක නිසි පරිදි සකසා ගැනීමට, පොලිස් ස්ථානවල තීන්ත ස්වල්පයක් උලා ගැනීමට තබා අපරාධකරුවෙක් හඹා යෑම සඳහා වාහනයකට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමට නිසි ප්‍රතිපාදන නොමැති  වටපිටාවක බවය.

පොලිස් දින සැමරුම සඳහා දැරිය යුතු  සියලු වියදම් පොලිස් තෑගි අරමුදලින් ලබාගැනීමට අමාත්‍යාංශය ලබා දුන් නියෝගයක් නිසා  පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද බෙහෙවින්ම කළකිරීමට පත් වී ඇතැයි වාර්තා වේ.  පොලිස් අරමුදල ඇත්තේ පොලිසියේ සම්මානිත නිලධාරීන්ට ත්‍යාග පිරිනැමීමට සහ පොලිස් ඔත්තුකරුවන් නඩත්තු කිරීමට බව ද ඔවුහු පවසති.

දැනට වාර්තාවන පරිදි ප්‍රධාන පොලිස් දින උත්සවය කොළඹ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන අතර දිවයින පුරාම ප්‍රාදේශීය උත්සව පැවැත්වීමට නියමිතව තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙතෙක් පොලිස් දින ඉතිහාසයේ උත්කර්ෂවත්ම උත්සවය පැවැත්වූයේ 150 වැනි පොලිස් දින සැමරුම වෙනුවෙනි. එවකට පොලිස්පතිවරයා පූජිත් ජයසුන්දරය. එය අභිබවා ගිය උත්සවයක් සංවිධානය කිරීම මෙවර අමාත්‍යාංශයේ ඉලක්කය වී ඇතැයි දැනගන්නට තිබේ.

පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ අවස්ථාවේ දී කළ යුත්තේ  උත්සව කිරීම නොව,  රට වැටී ඇති අන්ත දරිද්‍රතාවය ගැන කල්පනා කර පොලිස් නිලධාරීන්ගේ අවම සුබසාධන මට්ට්මවත් නඩත්තු කරගෙන රටේ  නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය උත්තේජනය ලබා දීම බවය.

මේ අවස්ථාවේ දී මෙවැනි උත්සව රටට යහපත් ආදර්ශයක් ලබා නොදෙන බවද ඔවුන් පවසන්නේය.

 

.

 

–

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති රනිල් හමුවීමට  යන්න ඕන කොහොම ද?. බැසිල්ගෙන් පොහොට්ටුවට  උපදෙස්!

Next Post

සුළුපන්න ධීවරයින්ගෙන් අඩක් රස්සාව අත්හරින ලකුණු!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.