මනම්පිටිය – නිමල් ජයරත්න –
පොහොර නැතිනම් හෙක්ටයාර 22801ක වී වගාවෙන් ඉවත් වන බව මහවැලි සී කලාපයේ නුවරගල කොට්ඨායේ ගොවිහු අද යළිත් මහ පාරට බැස කියා සිටියහ.
පොහොර ඉල්ලමින් ගොවීන් 2000ක් පමණ නුවරගල නගරයට එක් වී කළ මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ පොලොන්නරුවේ ප්‍රධානම ගොවි සංවිධානවන පොලොන්නරුව දිස්ත්‍රික් නුරවරගල මහවැලි කොට්ඨාස ගොවි සංවිධානය සහ පොලොන්නරුව දිස්ත්‍රික් ගොවි අරගල ව්‍යාපාරය විසිනි.“කයිවාරු ඇති, ප්‍රමිතියෙන් යුතු පොහොර දෙනු ….“ “සෞභාග්‍යයේ දැක්ම ගොවීන් වළට දැමීම ද?…“
“පොහොර නැතිව වතුර එපා….“ “පළිබෝධ හානිවලට වැඩපිළිවෙළක් සකස් කරනු,..“ ආදී සටන් පාඨ සහිතව නුවරගල යක්කුරේ මාර්ගය අවහිර කරමින් ඔවුහු මෙම උද්ඝෝෂණය දියත් කළහ.
ඔවුන් ඉල්ලා සිටියේ ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දෙන ලෙසය. උල්හිටිය හා රත් කිඳ ජලාශය යටතේ මේ මස 20 වෙනිදා හෙක්ටයාර 22801 වී වගා කිරිමට නියමිතව තිබුණද පොහොර ලබා නොදුන්නොත් වී වගාව අතහරින බවත් ඔවුහු කීහ.