බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 නිව් ෆෝට්‍රස් සමාගම බැසිල් එක්ක ගහන ගිවිසුමට විරුද්ධ කැබිනට් ඇමතිවරුනි… එළියට බහින්න… වෘත්තීය සමිති ඉල්ලයි

by editor
ඔක්තෝබර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

  • කැබිනට් ඇමතිකම බේරගෙන  ජාතික ප්‍රශ්න වෘත්තීය සමිතිවලට පවරන්න එපා..  එළියට බැහැලි විරුද්ධ වෙන්න… ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සමාජික රන්ජන් ජයලාල් ඉල්ලයි.

කැබිනට් මණ්ඩලයටත් නොදන්වා  අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ මෙරට විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අද (12) තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සමාජික රන්ජන් ජයලාල් ඊයේ ප්‍රකාශ කළේය.

මීට පෙර අත්සන් කළ ගිවිසුමේ දිගුවක් ලෙස මෙම ගිවිසුම අත්සන් කරන බවත් ඒ සඳහා නිව් ෆෝට්‍රස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා මෙරටට පැමිණීමට නියමිත බවත් ඔහු කීවේය.

අදාළ ගිවිසුම පිළිබඳ රටට හෙළිදරව් නොකරන්නේනම් දැවැන්ත වෘත්තීය සමිති අරගලයක නිරතවන  ඔහු විසින් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

මේ සම්බන්ධව ලංකාසර අපි අද (12) ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සමාජික රන්ජන් ජයලාල්ව විමසුවෙමු.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඔහු කී කතාව මෙසේය.

“අපට තොරතුරක් ලැබිලා තියනවා කැබිනට් එකට නොදන්වා නැවත වරක් ඇමරිකානු ෆෝට්‍රස් සමාගම සමග ආණ්ඩුව  ගිවිසුමක් අත්සන් කරන්න යනවා කියලා. එම සමාගමේ නියෝජිතයෙක් එක්ක සැප්තැම්බර් 12 මධ්‍යම රාත්‍රියේ 12.06ට අත්සන් කරලා තිබුණෙ  රාමුගත ගිවිසුමක් කියලා රජය කිවුවා.. ඒ ගිවිසුමේ දිගුවක් ලෙස තව ගිවිසුමක් අත්සන් කරනවා කියලා කියලා ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු අපට දන්වලා තියනවා. “

“ඔවුන් අපට දන්වා ඇති ආකාරයට ඒ සඳහා ඇමරිකන් නිවු ෆෝට්‍රස් සමාගමේ   ප්‍රධාන විධායක නිළධාරීවරයා තමන්ගෙ පුද්ගලික ජ්‍ටේ යානයකින් අද  මෙරටට පැමිණෙනවා. මේ ගමන ගැන කැබිනට් ඇමතිවරු අපට කියනවා මේ පුද්ගලයාගෙ ගමන ගැන ඔවුන් දැනුම්වත් කර නෑ කියලා.“

“ඔවුන් අපට කියන ආකාරයට එක්කෝ අද (12  මේ ගිවිසුම අත්සන් කරනවා.  අද සවස 05ට කැබින්ට් එක තියනවා. කැබිනට් එකට මේ ගිවිසුම  යොමු කරන්නෙ නැති බව තමයි ඔවුන්   සඳහන් කරන්නේ. “

“අපි කැබිනට් ඇමතිවරුන්ට කිව්වා මේක අපට කියලා හරියන්නෙ නෑ. මේක විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. ඔබ කැබිනට් එකෙන් එළියට බැහැලා විරෝධය පල කරන්න කියලා. ‘

“ඇත්තටම ඒ අය කැබිනට් ඇමතිකම් බේරගෙන අප හරහා හරහා විරෝධතාවයක් ඇති කරන්න හදනවා. අප බලාගෙන ඉන්නවා මේ මොකක්ද වෙන්නෙ කියලා. අපි තවම තීන්දුවක් ගෙන නෑ. මොකක් ද කරන්නෙ කියලා.  දැනට සේවකයින් දැනුම්වත් කිරීම් ටිකක් කරගෙන යනවා.‘

“අපි ආණ්ඩුව දැනුම්වත් කළා අද දවල් 12 වෙනකොට මේ ගිවිසුම මොකක් ද, මේ ගිවිසුම රටට හිතකර ද නැද්ද, ගිවිසුමේ අන්තර්ගතය මොකක් ද?, අවෙ කවුද, කැබිනට් ඇමතිවරු අපට කිව්වෙ බොරුවක් ද, ඇත්තක් ද කියලා අපට කියන්න කියලා.

අද දවස අපි බලනවා. අපට හදිස්සියක් නෑ. අවබෝධයෙන්  බලන් ඉඳලා ඒ අනුව අපි ඉදිරි ක්‍රියාමාර්ග තෝරනවා. මේක අත්සන් කළත් නැතත් ඒ බව අද හවස අපිට දැනගන්න පුලුවන් වේවි. ‘

“කොහොමත් මේක රටට හිතකර ගිවිසුමක් වෙන්නෙ නෑ. එහෙම නම් මේ විදිහට සඟවාගෙන අත්සන් කරන්න අවශ්‍ය නෑ. රටට හිතකරනම් මෙය අණබෙර ගහමින් කරන්න ඕන වැඩක්.“

“මේ කිටයුත්තෙ ඉස්සරහින් ඉන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ.  මේක පැහැදිලිවම ඔහුගේ පුද්ගලික උවමනාවට ජාතික ප්‍රශ්නයක් සම්බන්ධව අතිශය අගතිගාමීව හැසිරෙනවා.  කැබිනට් මණ්ඩලයක් කියන්නෙ සාමුහික වගකීමක්. ඒ සාමුහික වගකීම රටක ජාතික ප්‍රශ්නයකට අතිශයින්ම වැදගත්. ගමේ මරණාධාර සමිතියක පුටු ටික බෙදන්නත් බෑ කාරක සභාවෙ අනුමැතිය නැතිව. මේ ගිවිසුමේ මුල් අදියර ගැන රටට හෙළි කළෙත් නෑ. අපි කියන දේ වැරදියි කියන්නෙත් නෑ. “

“කොහොමත් මේ සිද්ධවෙන දේ ගැන දැඩි අවධානයෙන් අපි බලාගෙන ඉන්නවා. හරියටම සිද්ධිය ගැන තෝරගෙන තමයි අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්නෙ. “

“සමහර විට එය හෙට වෙන්න පුලුවන්.“

රන්ජන් ජයලාල් වැඩිදුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැනෝ මුහුණු ආවරණයකින් රුපියල් දෙකක් ගන්නා අරමුදල ගැන ඇමති බන්දුල කතා කරයි

Next Post

රටට බත දෙන මහවැලි ගොවීහු වී වගාව අත්හැරීමට සැරසෙති… ගොවීන් 2000ක් පොහොර ඉල්ලා අදත් උද්ඝෝෂණයේ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.