අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ රස පරීක්ෂකවරු රක්ෂණ සමාගම් එක්ක ගහන ගේමක් ගැන හිටපු ජනපති හෙළිකරයි

by Lanka Sara Editor
නොවැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ රස පරීක්ෂකවරුන් සේවයේ නිරතව සිටියදී හා විශ්‍රාම යාමෙන් පසුව රක්ෂණ සමාගම් වෙත වැඩි වැටුප් දී බඳවාගෙන රක්ෂණලාභීන්ට රක්ෂණ මුදල් නොගෙවා සිටීමට කූඨ උපක්‍රම භාවිත කිරීමේ සංවිධානාත්මක වංචනික ව්‍යාපාරයක් පිළිබඳ හිටපු ජනපති, පොළෙ‍ොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

එහිදී වැඩිදුරටත් මේ පිළිබඳ උදාහරණ සහිතව කරුණු හෙළිකළ මෛත්‍රීපාල සිරිසේන මහතා,

“මේ රටේ තිබෙන බැංකු සමාගම්, මූල්‍ය සමාගම්, රක්ෂණ සමාගම්, ලීසිං සමාගම් අද කටයුතු කරන්නේ, විශේෂයෙන්ම අද ජනතාවගේ දේපළ මංකොල්ලකන තත්ත්වයට. බැංකුවල බැංකු පනත් හදනකොට, ඒ වගේම මුල්‍ය සමාගම්වල, ෆිනෑන්ස් සමාගම්වල පනත් හදන විට, රක්ෂණ සමාගම්වල ඒ සම්බන්ධයෙන් අපි පනත් හදන විට, ලීසින් සමාගම් සම්බන්ධයෙන් අපේ නීති රීති හදන විට මේ සෑම දේකදිම පසුගිය දශක කීපය තුළ මේ ආයතන සම්පූර්ණයෙන්ම ශක්තිමත් කරන්න පනත් මේ දෙපාර්තමේන්තුවෙන් හදලා තිබෙනවා මිසක් එහි සේවාව ලබාගන්නාගෙ, ගනුදෙනුකාරයාගේ ණය උගස් ලැබීම් මෙවැනි කරුණු සැලකිල්ලට ගත් විට ඉතාම දුක්ඛිත තත්ත්වයක් මේ රටේ තිබෙන්නේ .

මේ රක්ෂණ සමාගම්වල මම ඊයේ පෙරේදා සොයාගත්තු දෙයක් තමයි ගරු කථානායකතුමනි, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බොහෝ අය විශ්‍රාම ගියාම රක්ෂණ සමාගම්වල ලොකු පඩියක් දීලා ගන්නවා. ඒ වගේම රක්ෂණ සමාගම්වල සේවය කරන ඇතැම් අය, ඒ සේවය කරන අවස්ථාවේදී වැඩි පඩියක් දීලා ඒකෙන් ඇදලා අරගන්නවා. ඒ තුළ රක්ෂණ සමාගම්වල ඉන්න ප්‍රධාන තනතුරුවල ඉන්නෙ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩකරපු අය. ගොඩනැගිල්ලක් ගිනි ගත්තොත්, මිනීමැරුමක් වුනොත්, අපරාධයක් මංකොල්ලයක් වුනොත්, වාහන අනතුරක් වුණොත් ඒ හැම දේකදිම රස පරීක්ෂකවරයාගේ වාර්තාව ගන්නවා. රසපරීක්ෂකයාගේ වාර්තාව අරගෙන රක්ෂණය කරලා නම්, ඒකට ඒ වාර්තාව තුළ වන්දි ගෙවීමක් කරනවා. නමුත් මේක හැරියට දැන් හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රක්ෂණ සමාගම්වල ඉන්නවා. එතකොට මේගොල්ලෝ එකතුවෙලා තමයි මේ වාර්තා සකස් කරන්නේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රටේ මේ තත්ත්වය තුළ බරපතළ විදියට දේපොළ උකස් කිරීම, ණය ගෙවන්න බැරිකම නිසා ඇතිවන අර්බුදය, මේ තත්ත්වයන් ගත්තම මේ රටේ සියදිවි නසාගැනීම් ගණනාවක් තිබෙනවා වර්ෂයකට. පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඇහුවොත් ලීසිං ප්‍රශ්න උඩ, ගෙවල් උකස් තැබීම තුළ ණය ගෙවා ගන්න බැරුව සියදිවි නසාගැනීම් කොච්චරද කියලා, සෑම වර්ෂයකම යම් ප්‍රමාණයක් තිබෙනවා විශාල වශයෙන් සියදිවි නසා ගැනීම් මේ තත්ත්වයන් උඩ. එතකොට මේ කියන කරුණු සැලකිල්ලට ගත් විට මම පෙන්වන්නට ඕන ගරු කතානායකතුමනි, මේ එක්තරා ව්‍යාපාරිකයෙක් මම මේ බැංකුවේ රක්ෂණ සමාගමේ නම මම කියන්නේ නෑ. මේ ව්‍යාපාරිකයා පේරාදෙණිය ඔලිව් ආයතනය මේ වසරේ සිදුවූ ගිනි ගැනීමෙන් එයා රක්ෂණය කරලා තිබුණු සමාගමට එයා රක්ෂණය කරලා තියෙනවා එයාගේ වත්කම්වලින් රුපියල් බිලියනයක්. බිලියනයක් රක්ෂණයට දී තිබෙනවා. හැබැයි බිලියනයක් රක්ෂණයට දුන්නට අද වෙනකන් ඒ රක්ෂණ සමාගම, මම නම කියන්න කැමති නැහැ රුපියලක් මේ මනුස්සයාට ගෙවලා නෑ. පොලිස් පරීක්ෂ වලින් සියලු අනෙකුත් පරීක්ෂණවලින් පැහැදිලිව ඔප්පු වෙලා තිබෙනවා මේ ව්‍යාපාරිකයාගේ ගිනිගැනීම තුළ මේක සිද්ධ වෙලා තියෙන්නෙ කියලා. නමුත් රක්ෂණ සමාගම කියනවා ගිනිගත්තෙ මොන හේතුවක් නිසාද කියලා පැහැදිලි නෑ ඒ නිසා අපිට ගෙවන්න බෑ කියලා. මෙවැනි තත්ත්වයන් මේ ඉන්දික තුෂාර කියලා ව්‍යාපාරිකයෙක්.

මේ තත්ත්වය මම කිව්වේ මේ රක්ෂණ සමාගම් මේ කරන මහා මංකොල්ලය, මේ කරන පීඩාව මේක රටේ දුගීභාවය ව්‍යාපාරික කඩා වැට්ටවීම මේ කියන කරුණු සඳහා ඉතාමත්ම බරපතළ විදියට විදිහට බලපානවා. අනිත් එක තමයි තවත් මේ කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපිට සමහර දේවල් තිබෙනවා, මේක මම කියන්නේ අද ඊයේ ප්‍රශ්නයක් නෙවෙයි. දීර්ඝ කාලයක් තුළ මහබැංකුවේ නිලධාරීන් හංගන කරුණු කාරණා රාශියක් තිබෙනවා. බැංකු පිළිබඳව අණපනත් හදනකොට රක්ෂණ අණපනත් කරනකොට, මූල්‍ය ආයතනවල අණපනත් හදනකොට, මේ හැම එකේදිම මහ බැංකුවේ නිලධාරීන් මුල් වෙලා තමයි මේ අණපනත් හදන්නේ. ඒක අපි කවුරුත් දන්න දෙයක්. මේ තත්ත්වයන් උඩ මේ විදියට ප්‍රධාන වශයෙන් තිබෙන ව්‍යාපාරික අංශවලින් යම් යම් ගනුදෙනු කරපු අයට තියෙන ප්‍රශ්නවලදී, බැංකුවල පොලී අනුපාතය අවිධිමත් ලෙස ඉහළ දැමීම, හැම ආණ්ඩුවකින් ම බැංකුවල සේවා ගාස්තු කිසිදු නියාමනයට යටත් නොවීම, ඒ වගේම අහිතකර බැංකු අණපනත් මගින් මූල්‍ය ආයතන වලට බලය ලබාදීම මේ කියන කරුණු කාරණා බරපතළ විදියට පෙන්නුම් කරන දෙයක් මේ පනත එහි හානිකර සහ අහිතකර බව, ලංකාවේ නීති අධ්‍යාපන කේන්ද්‍රයේ ලංකා නීතිඥ සංගමයෙන් ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ද ජාත්යන්තර මූල්ය උපදේශක මහාචාර්යවරයකුගෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නඩු තීන්දුවලින් ද පැහැදිලි කරලා තිබෙනවා.

මේ සියල්ල ගත් විට ඉතාම විශ්මයට පත්වන කාරණයක් තමයි. නමුත් මේ ඇතිවෙලා තිබෙන පීඩාවන් කරන කරදර හිරිහැර පිළිබඳව අවසනදී මූල්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීන්ගේ අභිමතයට අනුව සියලු දේපල අසාධාරණ ලෙස අත්පත් කරගැනීමට නීතිමය රාමුව සකසා දී තිබෙනවා. ණය ගත්තම ණය ගෙවන්න ඕන තමයි. ඒක වෙනම කාරණයක්. දැන් අපි දුප්පත් රටක් විදියට මේ ආයතන මම කලින් කියපු අණ පනත්වලින් ශක්තිමත් කරලා ගනුදෙනුකරුවා, අහිංසක ඒ සම්බන්ධයෙන් සහනයක් බලාපොරොත්තු වෙන කෙනාට මේ නීතිරීති අනුව තුළ ඉතාම බරපතළ අවාසි සහගත තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. දැන් සිදුවන සියදිවි නසාගැනීම් තව තවත් වැඩි වෙන්න බැරි කමක් නෑ. රක්ෂණ නියාමන කොමිෂන් සභාව මඟින් නියාමනය පැහැර හැරීමක් කරලා තිබෙනවා රක්ෂණ පාරිභෝගිකයින්ට ව මතු වී ඇති ගැටලු රාශියක් තිබෙනවා මම ඒවා විස්තර කර කර කියන්නේ නෑ රක්ෂණ කර්මාන්තය නියාමනය කිරීමේ පනත උල්ලංඝනය කිරීමෙන් යොමු කිරීමේ ආකෘතිය පිළිබඳ මාර්ගෝපදේශන නිකුත් කරලා තිබෙනවා. කාලෝචිත ආකාරයකින් නියාමන ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම පිළිබඳව කරුණු රාශියක් මුල් වෙලා තිබෙනවා, ඒ වගේම පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද වාර්ෂික වාර්තාව හිතාමතාම අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම හරහා උත්තරීතර පාර්ලිමේන්තුව රක්ෂණ කර්මාන්තකරුවන්ගේ සහ මහජනතාව නොමඟ යැවීම කරනු ලබනවා. කරුණු සැලකිල්ලට ගත්තම මේවා ඉතාමත් ම බරපතළ තත්ත්වයක්. ගරු කතානායකතුමනි රක්ෂණ නියාමන කොමිෂන් සභාව මඟින් නියාමනය පැහැර හරින ලද සහ රක්ෂණ පාරිභෝගිකයන්ට හා මතුවී ඇති ගැටලු රාශියක් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් මෙම මුදල් ඇමති තුමාගේ අනුමත මාගේ අවධානය යොමු කරලා කටයුතු කරලා විශේෂයෙන්ම මේ පිළිබඳව යම් සහනදායී නීතිමය රාමුවක් තුළ අවශ්‍ය සංශෝධන කරන්නටයි කියලා මේ රටේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ නුවර මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කරයි! අනතුරු සංඥා සවි කිරීම් පසුවට…

Next Post

සජබ විරෝධතාවයට බෝම්බ ගසන බවට අනාවැකි කී පුද්ගලයා රිමාන්ඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.