නාය යෑමේ අවධානමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ මහනුවර කොළඹ ප්‍රධාන මර්ගයේ පහළ කඩුගන්නාව කොටසේ එක් මං තීරුවක් වාහන ගමනා ගමනය සඳහා අද (17) දහවල් විවෘත කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු , ආචාර්ය ආසිරි කරුණාවර්ධන කීය.
මෙම මාර්ගයේ 98 වැනි කිලෝ මීටර කණුව ආසන්නයේ කන්දේ කොටසක් නාය යෑමේ අවදානමනට ලක්වීම හේතුවෙන් පසුගිය 10 දින රාත්‍රියේ එම කොටස සම්පූර්ණයෙන් වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබිණි.
මේ හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුවිය. මේවන විට නාය යෑමේ අවදානම පැවැති ස්ථානය ස්ථාවර කර තිබෙන බව ආචාර්ය ආසිරි කරුණාවර්ධන පැවසුවේය. කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින නිසා වාහන ගමනා ගමනයට එක් මං තීරුවක් විවෘත කිරීමට තීරණය කළ බවත් අදාළ ස්ථානය ස්ථාවර කිරීමට අවශ්‍යය දීර්ඝ කාලීන සැළසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
අදාළ මාර්ගය වසා දමා තිබීමත් කොළඹ නුවර දුම්රිය මාරගයේ රඹුක්කන සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය නොවීමත් හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වූ බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.