සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රංගා යළි රිමාන්ඩ්…

by editor
මාර්තු 28, 2023
in පුවත්
ranga
Share on FacebookShare on Twitter

සිතුම් චතුරංග –

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා   මැයි 12 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහධිකරණ විනිසුරු එම්. මොහොමඩ් නිහාල් අද   නියෝග කළේය.

රිය අනතුරක් සිදුකොට ප්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මරණයට පත්කිරීම සම්බන්ධව අධිකරණයෙන්    චෝදනා ලැබ     අධිකරණය මඟහරිමින් හා එම නඩුවිභාගයේ සාක්ෂිකරුවන් වෙත බලපෑම් කරමින් සිටි  සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව පසුගිය 17 වැනිදා වව්නියාව මහාධිකරණය වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවේය.

ඒ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ගනිමින් සිටි මන්ත්‍රීවරයා රෝහලේ දි අත්අඩංගුවට ගෙන වව්නියාව මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ ඇප අවලංගු කර රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේය.

2011 වසරේ මාර්තු 30 වැනි දින සැකකාර මන්ත්‍රීවරයා මැදවච්චිය සිට සෙට්ටිකුලම ප්‍රදේශයට ගමන් කරමින් සිටින අවස්ථාවක සෙට්ටිකුලම රෝහල ඉදිරිපිට සිදුවූ එම රිය අනතුරින් අලව්ව, නවතල්වත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියකුවූ සැරයන් (36759) ජී.උදය ජයමිණි පුෂ්පකුමාර නිලධාරියා මියගොස් සිටි අතර සාවද්‍ය තොරතුරු වාර්තාකරමින් සැරයන්වරයා රියපදවා ජීවිතක්ෂයටපත්වූ බවට පවසා එවකට පොලිස් නිලධාරීන් හා එක්ව විමර්ශන අවසන් කොට ඇති බවට අධිකරණයේ ප්‍රකාශ විය.

එම අනතුර සම්බන්ධයෙන් මියගිය සැරයන්වරයාගේ බිරිය සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැවැත්වූ විමර්ශනයකදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා   විසින්  රිය පදවා අනතුර සිදුකොට ඇති බවට අනාවරණයවූ අතර මහධිකරණයේ අධිචෝදනා ලබා සිට  ඇපමත මුදාහැරිනු ලැබීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අදාල නඩු විභාගයේදී සාක්ෂි ලබාදුන් දෙදෙනකු හට දුරකථනයෙන් බලපෑම් කරමින් අනතුරව එම සාක්ෂිකරුවන් වෑන් රථයක නංවාගෙන වෙනත් ස්ථානයකට ගොස් සාක්ෂි ලබානොදෙන ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන වාර්තාව හා දුරකථන විශ්ලේෂණ වාර්තා පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහධිකරණ විනිසුරුවරයා නියෝග කළේ සැකකාර හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ පැහැරගෙන ගොස් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් නඩු ගොනු කරන ලෙසත්ය.

තොරතුරු වසන්කිරීම ඇතුළු චෝදනා ලබාසිටි එවකට හිටපු සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව මහතා අධිකරණයේ පෙනී සිටිමින් වරද පිළිගත් අතර ඒ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයටපත්කිරීම ලබන නඩුවාරයේදී සිදුකරන බවද මහධිකරණ විනිසුරුවරයා දැණුම්දෙනු ලැබීය.

හිටපු වවුනියාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී අමරසිරි සේනාරත්න (විශ්‍රාමික නියෝජ්ය පොලිස්පති) වවුනියාව හිටපු සහකාර පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර බණ්ඩාර (විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී) පොලිස් සැරයන් ප්‍රියදර්ශන හේරත්, පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.ජි.පද්මපාල යන නිලධාරීන් මෙම නඩුවිභාගයේ අධිචෝදනා ලැබූ සෙසු පිරිස වෙති.

ලංකාදීප –

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණයට අපහාස කිරීම – සනත් නිශාන්තට එරෙහි චෝදනා විභාගයට දින නියම වෙයි….

Next Post

සද්දේ දාල රටට කියන කැබිනට් තීරණවලට වෙන දේ පර්යේෂණයකින් හෙළිවේ!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.