කීර්ති ප්‍රනාන්දු –
ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් පාවිච්චියට නුසුදුසුව තිබූ යුද හමුදාවේ රථවාහන රැසක්ම අලුත්වැඩියා කර ඉතා උසස් නිමාවකින් යළි ධාවනයට එක් කිරීමට සූදානම් කර තිබේ.
යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය පවසන්නේ අලුත්ම වාහන මිලදී ගැනීමේ දී ඉතා විශාල පිරිවැයක් දැරීමට සිදුවීම මේ මගින් වැළැක්විය හැකි බවය.
බස් රථ 10ක්, ට්‍රක් රථ 05ක්, යුනිකෝන් රථ 03ක්, ධාවනපැදි 05ක්, ට්‍රැක්ටර් 01ක්, කැබ් රථ 01ක් මෙසේ අලුත්වැඩියා කර ඇත.
එම වාහන යුද හමුදා කඳවුරු වෙත ලබාදීම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී සිදුවිය.







