බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“යුක්තිය” මාධ්‍ය සංදර්ශනයක් කියලා හෑල්ලු කරන කුහක දේශපාලකයින් එහෙම කියන්නේ  කුඩු කාරයින්ගෙන් සල්ලි  අරන්… ඔවුන් කරන්නේ කුඩ්ඩන්ගේ කොන්ත්‍රාත් එකක් – ටිරාන් අලස්!  

by editor
දෙසැම්බර් 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අතිශය  දැවැන්ත මෙහෙයුම් ප්‍රමාණයක් සිදු කර ප්‍රතිඵල පෙන්වා  තිබිදිත් යුක්තිය මෙයහෙයුම  මාධ්‍ය සංදර්ශනයක් බව පවසන දේශපාලකයින් කණ්ඩායම   පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම සමග සබන්ධතා පවත්වා ඔවුන්ගේ මුදලින් යැපෙන්නන් බවත්, මේ  කුහක දේශපාලකයින් පිරිස සිදුකරන්නෙ පාතාලයේ කොන්ත්‍රාත්තුවක් බවත්   මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් අද පැවසුවේය.

ඇතැම් ආගමික නායකයින් පවා එවැනි ප්‍රකාශ සිදු කරනු දකින බව ද කී ඇමතිවරයා කිසිම බලපෑමකට යටත් නොවී යුක්තිය මෙහෙයුම දියත් කරන බව කීවේය.

යුක්තිය මෙහෙයුම අතර දේශබන්දු…

රට ගිනි ගෙන තිබෙද්දී තමන්ට මහජන ආක්ෂාව පිළිබඳ අමාත්‍ය ධූරය ලබා දෙන විට එය භාර ගැනීමට කැමැත්තක් නොදැක්වුව මුත් එවකට ජනාධිපතිවරයා සහ මන්ත්‍රීවරුන්ගේ බලකිරීම මත මෙම ධූරය භාරගෙන අරගලය අවසන් කිරීමෙන් අනතුරුව පැවතියේ කුඩු සහ පාතාලය මර්ධනය කිරීමේ වගකීම බව කී ඇමතිවරයා යුක්තිය මහෙයුම පටන් ගත්තේ ඒ වෙනුවෙන් බව කීවේය.

ඇමතිවරයා මේ බව කීවේ  ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා හෝමාගම දියගම තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පැවති වැඩසටහනකට‍ එක්‌වෙමිනි.

“අරගල කාලයෙන් පසු   රට තුළ පැවති විශාලම අභියෝගය වූ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්, අපරාධ දිගින් දිගටම වර්ධනය වුණා. බොහෝ පොලිස් නිලධාරීන්ට පවා පහත් ලෙස සැලකීම දක්නට ලැබුණා. නමුත් නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කරමින් කිසිදු බලපෑමකට යටත් නොවී රාජකාරි කිරීම පිළිබඳව ශක්තිය අප පොලිස් නිලධාරීන්ට ලබා දුන්නා.”

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු සහිතව වාර්තාවක් සකස් කිරීමට වත්මන් වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු කමිටුවකට මා උපදෙස් ලබා දුන්නා. ඒ අනුව දැඩි ක්‍රියාමාර්ග සහිත වැඩපිළිවෙළකින් මෙම ක්‍රියාකාරකම් මර්දනය පිළිබඳ තීරණය ගනු ලැබුවා.

ඒ අනුව දකුණු පළාතේ පැවති වැඩමුළු මාලාවකින් මේ කාර්යය ආරම්භ කළා. ඒ අනුව ආරම්භ කළ මෙහෙයුම්වල ප්‍රතිඵල ගැන මුළු රටම මාධ්‍ය ඔස්සේ දැනුවත් වී තිබෙනවා. අපේ ප්‍රධානම ඉලක්කය වූයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාලය මැඩ පැවැත්වීම සම්බන්ධයි. එවිට මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමත්, මත්ද්‍රව්‍ය  පාවිච්චි කරන අයට මිලදී ගැනීමට නොහැකි වීමත් මත මේ උවදුර පාලනය කිරීමට හැකිවනවා.

ඒ අනුව 4665 දෙනෙකුගේ නම් ඇතුළත් ලේඛනයක්  පොලිසිය විසින් සකස් කර තිබුණා. මෙහෙයුම් ආරම්භ කර සතියක් ඇතුළත ඒ අතරින් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා. වැටලීම් 12269ක් සිදුකර තිබෙනවා. මිලියන 700 කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය මේ යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සතු වාහන, ඉඩම්, රන් භාණ්ඩ,මුදල් ආදි වත්කම් මිලියන 294ක්‌ පමණදේපොළ පොලිස් භාරයට  ගෙන තිබෙනවා.

මෙපමණ දැවැන්ත මෙහෙයුම් ප්‍රමාණයක් සිදු කර තිබිදිත් මෙය මාධ්‍ය සංදර්ශනයක් බවට ඇතැම් කුහක, ඊර්ෂ්‍යාකාර පිරිස් ප්‍රකාශ කරනවා. ඇතැම් දේශපාලනඥයින් පවා එලෙස ප්‍රකාශ කරමින් මෙම මෙහෙයුම් හෑල්ලුවට ලක් කරනවා. එවැනි ප්‍රකාශ සිදු කරන්නේ පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ සම්බන්ධතා පවත්වන අයයි. ඒ තුළින් අපව අධෛර්යයට පත් කර මෙම මෙහෙයුම් නතර කිරීමේ කොන්ත්‍රාත්තුව ඔවුන් ඉටු කරමින් සිටිනවා. ඇතැම් ආගමික නායකයින් පවා එවැනි ප්‍රකාශ සිදු කරනවා.

මෙම කටයුතු සිදු කිරීමේදී බොහෝ බාධකවලට මුහුණ දීමටද සිදුවනවා. පුද්ගලික තර්ජනයන්ට පවා මුහුණ දීමට සිදුව තිබෙනවා. කවර ආකාරයේ අභියෝග වලට මුහුණ දීමට සිදුවත් මේ අමාත්‍ය ධූරය කටයුතු කරන තුරු කිසිදු බලවතෙකුගේ බලපෑමකට යටත් නොවී මෙම කටයුත්ත සම්පූර්ණයෙන් මැඩ පවත්වන තුරු  අඛණ්ඩව සිදුකරන බව ප්‍රකාශ කිරීමට මා කැමතියි. ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ජනාධිපතිතුමාද නිරන්තරයෙන් ලබා දෙනවා. අවශ්‍ය තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට අවශ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී තිබෙනවා.

මෙම දැවැන්ත මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකරන පොලිස් නිලධාරීන් දිරිමත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. අප සියලු දෙනාගේම සහයෝගයෙන් සහ දායකත්වයෙන් පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම අපහසු ඉලක්කයක් නොවෙයි. සමස්ත ශ්‍රී ලංකාවේම පොලිස් නිලධාරීන් දැඩි කැපවීමකින් මේ කටයුත්තේ නිරතව සිටිනවා. රටේ අනාගත පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් මෙම මැඩ පැවැත්වීමේ වගකීම අපට පැවරෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තවත් සද්දන්තයෙක් විදුලිසැර වද්දවා ඝාතනය කරයි!

Next Post

විදේශ රැකියා පෙන්වා රුපියල් කෝටියකට වඩා වංචා කළ උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත් අඩංගුවට…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.