මනම්පිටිය නිමල් ජයරත්න –
වැලිකන්ද, මුතුවැල්ල පෞද්ගලික ගොවිපලක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීම අවුරුදු 25 ක් පමණ පිරිමි අලියෙක් පෙරේදා ( 22 ) වෙනිදා මියගොස් ඇති බව පොළොන්නරුව වනජීවී නිලධාරීහූ සඳහන් කරති.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් වැලිකන්ද මල්විල ගම්මානයේ පදිංචි අවුරුදු 63 වියති පුද්ගලයෙකුට අත්අඩංගුවට ගෙන 23 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත් නිර්මලා යටිගම්මන ය ඔහු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කළාය.
වැලිකන්ද වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව වන සත්ව අඩවි සහකාර, එන්.ඩි.ඒ.එස්.නාලක විසින් ,පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
අනතුරුව එම වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කරන ලෙසට අධිකරණය වනජීවී නිලධාරීන්ට නියෝග කළාය.