-
යුක්තිය පිළිබඳව මහජන පැමිණිලි සලකා බලා පොලිස් කොමිෂන් සභාව වැ.බ පොලිස්පතිවරයාට කරුණු තුනක් අවධාරණය කරයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ආරක්ෂා කිරීමට බැඳි ඇති මූලික මිනිස් අයිතවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයට කටයුතු සිදුකිරීමට වගබලා ගන්නා ලෙසත්, රටේ පවත්නා නීතිමය රාමුව තුළ නීතියෙන් නියම කරන ලද ආකාරයට කට සිදු කරන ලෙසත් , නීතියට පටහැනිව කටයුතු කරන ලද බවට සනාථ වත අවස්ථාවන් හිදී අදාළ නිලධාරීන් ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට සිදුවන බවත්, දන්වමින් සියලුම නිලධාරින් දැනුවත් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
රටපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින මත් උවදුර පාලනය කිරීම සහ සංවිධානාත්මක ” යුක්තිය මෙහෙයුම ” සම්බන්ධයෙන් සහ කොමිෂන් සභාව වෙත යොමුකර ඇති මහජන පැමිණිලි පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් දැඩි අවධානයක් යොමුකර දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම දැනුම් දීම සිදුකර තිබේ.
ඒ අනුව ඉහත උපදෙස් පරිදි ක්‍රියාකිරීමට සියලුම පොලිස් නිලධරයන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන එසේ ගන්නා ලද පියවර සම්බන්ධයෙන් ජාතික පොලිස් කොරිෂන් සභාව දැනුවත් කරන ලෙස ද පොලිස්පතිරයා වෙත වැඩිදුරටත් දන්වා ඇත.







