සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාලේ අයාලේ ගිය මදාවියන් අතර ඇමති පුතෙක්?…

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිට ලියන්නැයි ඇමති ලේකම්ට කියයි...

by editor
ඔක්තෝබර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ සේවය අත්හිටුවා විමර්ශන ඇරඹෙයි… වාහන 05ක් ගැන තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කරයි….

කිසිම වලංගු නීතියක් නොතකා  යාලේ අයාලේ ගොස් මදාවිකම් කළ  කණ්ඩායම සමග කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත්‍රයෙක් ද සිට ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි.

නිලධාරීන්ට නිසි ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිව තිබූ බාධකය මෙම පුත්‍රයා බවද එම ආරංචි මාර්ග හෙළි කරයි. 

කෙසේ වෙතත් මේ වනවිට විදේශගත වී සිටින  ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම්වරිය වූ චන්ද්‍රා හේරත් වෙත දන්වා ඇත්තේ මෙම කණඩායම අතර සිටි පුද්ගලයන් කවරෙක් වුවද තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට දැනුම් දෙන ලෙස බව අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම මේ මදාවිකමට ඉඩ හැරිය සංචාරක මඟපෙන්වන්නන් හා නිලධාරීන්ට එරෙහිව දැනට දියත් කර ඇති  විමර්ශනය අවසන් වන තෙක්  ඔවුන්ගේ  සේවය අත්හිටුවන ලෙස ද  වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් නියෝග කර තිබේ.

ලේකම්වරිය පවසා ඇත්තේ මෙවැනි සිදුවීමක් සිදුවන්නේ නම් එම නිලධාරින්ට ඊට මැදිහත්වීමට හෝ ඉහළ නිලධාරින්ට දැනුම් දීමට හැකියාව තිබුනත් ඔවුන් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොතිබුණ බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙවැනි සිද්ධි නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා ඊයේ අදාල නිලධාරින්ට උපදෙස් දී ඇත. 

ඒ යටතේ මෙවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන පුද්ගලයින් හා වාහන නැවත වනෝද්‍යානවලට ඇතුල්වීම වැළැක්වීම සඳහා ඔවුන් කළු ලැයිස්තුවට ඇතුළත් කිරීම වැනි වැඩ පිළිවෙළක් ඇරඹීමටත්, එවැනි කටයුත්තක් සිදු කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ප්‍රමාණවත්දැයි සොයා බලන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය නම් වනජීවි හා වෘක්ෂලතා පනතට අවශ්‍ය සංශෝධන පවා ඉදිරිපත් කළ හැකි බවත්   අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි පැවැත්වෙන USSEC රැස්වීමට සහභාගිවීමට විදේශ ගත ව සිටියත් ඊයේ (24)  මේ සම්බන්ධ සියලු පාර්ශ්ව  හා සම්බන්ධ වෙමින් මෙම සිද්ධිය සම්බන්ධව අවශ්‍ය  පියවර ගැනීම සඳහා කටයුතු කළ බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.  

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨා හොඳටම කළ හැටි යළිත් පෙනෙයි… රටේ දුප්පත්කම පස් ගුණයකින් වැඩිවෙයි!

Next Post

වට්ස්ඇප් බිඳ වැටේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.