දිනසේන රතුගමගේ –
යාපනය ගුරුනගර් හමුදා කදවුරේ සේවය කළ යුද හමුදා සෙබළියක් ඩෙංගු උණ රෝගයෙන් ඊයේ ( 16 ) මිය ගොස් තිබේ.
කොළඹ පදිංචි කේ.එම්.කේ සෙව්වන්දි නැමති යුද හමුදා සෙබළිය උණ රෝගය වැළදීමෙන් පසුව යාපනය පලාලී යුද හමුදා රෝහලට ඇතුළත් කොට ඇති අතර පසුව ඇයව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ගොස් ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වූ යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී නාමසිවායම් ප්‍රේම්කුමාර් මෙම මරණය ඩෙංගු උණ රෝගය හේතුවෙන් සිදුවී ඇති බවට නිගමනය කළ අතර යාපනය පොලිසිය සාක්කි මෙහෙයවනු ලැබීය.







