දිනසේන රතුගමගේ-
මේ දිනවල උතුරු ප්‍රදේශය පුරා පවතින අධික උෂ්ණත්වය නිසා ජනතාව දාහය නිවා ගන්නට සීනි කැකිරි වැඩි වශයෙන් අනුභව කිරීමට පටන් ගෙන තිබේ.
අනාදිමත් කාලයක සිට උතුරේ වැසියෝ අධික රශ්මිය කාලයට සීනි කැකිරි පාරිභෝජනය කරති. ඒ නිසාවෙන්ම මේ වනවිට උතුරේ සීනි කැකිරි මිල ගණන්ද මේ දිනවල ඉහල ගොස් තිබේ.
සාමාන්‍යයෙන් කිලෝවක් රුපියල් 100 ට අලෙවි වන සීනි කැකිරිවල දැන් මිල කිලෝවක් දැන් මිල 450 ත් 500 ත් අතර වෙයි.
නමුත් සීනි කැකිරි අලෙවි කරන වෙළෙන්දන් ළගට සීනි කැකිරි මිලට ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින්ගේ කිසිම අඩුවක් උතුරු පළාත තුළ දැක ගන්නට නොමැත.
මේ ප්‍රදේශයේ සීනි කැකිරි ලෙස හදුන්වන මෙම ගෙඩි ලොකු පිපිඤ්ඤා ගෙඩි වලට සමානය. ඔවුහු එහි මදය සූරා පානයක් ලෙස සිරුරට සිසිල ලබා ගැනීමට භාවිත කරති.
උතුරේ සීනි කැකිරි දකුණේ ඇතැම් වැසියෝ පත්තක්කා ලෙසද හදුන්වයි.







