ලලිත් චාමින්ද –
රුපියල් බිලියන 3.5ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රැම් 175ක් සමග දකුණු වෙරළ තිරයේ සිට නාවික සැතපුම් 235ක් පමණ ජාත්‍යන්තර් මුහුදු තිරයේ දි අත්අඩංගුවට ගනු ලැබු බහුදින යාත්‍රාව හා සැකකරුවන් 06 දෙනා අද (17) පෙරවරුවේ ගාල්ල වරායට රැගෙන එනු ලැබිය.
නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, රාජ්‍ය බුද්ධි සේවය එක්ව සිදුකරණු ලැබු විශේෂ වැටලිමකදි මෙකි මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනු ලැබිය.
දකුණු වෙරළ තිරයේ හම්බන්තොට සිට නාවික සැතපුම් 235ක් පමණ ඇත දියඹේදි නාවික හමුදාව විසින් රාජ්‍ය බුද්ධි අංශයේ තොරතුරුවලට අනුව මෙකි යාත්‍රවා පසුපස හඹගොස් මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.
මෙකි බහුදින යාත්‍රාව ඉකුත් 20 වැනිදින කුඩාවැල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් තිබුණි. පකිස්ථානයේ සිට මෙකි මත්කුඩු තොගය රැගෙන එනු ඇති බව පැවසෙන අතර බහුදින යාත්‍රාවෙන් ගිය පිරිස මෙකි මත්ද්‍රව්‍ය තොගය ජාත්‍යන්තර් මුහුදු තිරයේ දි ලබාගෙන ඇති බවද පැවසේ.
2023 වර්ෂය තුල මේ දක්වා කාලය තුලදි හොරෙයින් මත්කුඩු, අයිස්, කේරප ගංජා වැනි මත්ද්‍රව්‍ය කිලෝ 3000කට අධික ප්‍රමාණයක් ජාවාම්කරුවන් සමග අත්අඩංගුවට ගෙන ඇති බැව් නාවික හමුදාව පවසයි.