දිනසේන රතුගමගේ –
යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ සිදු වූ වාහන අනතුරකින් පසුව බහින් බස් වූ එම දෙපිරිස එකිනෙකාගේ වාහන හප්පවා ගැනීම නිසා පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබාඅද 24 දා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කළේය.
මෝටර් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් පසුව මෝටර් රථයේ සිටි පිරිස වෑන් රථයේ පිරිසට බැන වැදීමෙන් පසුව වෑන් රියේ සිටි පිරිස මෝටර් රථයේ සිටි පිරිසට පහර දී කඩුවලින් කපා එම මෝටර් රථය හප්පා ඇත.
මෙම ගැටුමට මැදි වූ යතුරු පැදියකටද අලාභ හානි සිදුව තිබේ.
තුවාලකරුවන් හතර දෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.
පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට පැමිණ තත්ත්වය සමථයකට පත් කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර චුන්නාකම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







