දිනසේන රතුගමගේ –
යාපනය ජාත්‍යාන්තර චිත්‍රපට උළෙල ඊයේ (14) යාපනය සංස්කෘතික මධ්‍යස්ථනයේදී ආරම්භ විය. මෙම චිත්‍රපට උළෙල පැවැත්වෙන්නේ 09 වැනි වරටය.
මේ මස 19 වෙනිදා දක්වා යාපනයේ ප්‍රධාන ස්ථාන තුනක පිහිටි සිනමා ශාලා පහකදී ජත්‍යාන්තර අවධානයට ලක් වූ චිත්‍රපට 29 ක් චිත්‍රපට උළෙල නිමිත්තෙන් තිරගතවීමට නියමිතව තිබේ.
එම චිත්‍රපට අතර ජාත්‍යාන්තර මට්ටමේ චිත්‍රපට මෙන්ම යාපනයේදී නිපදවන ලද කෙටි චිත්‍රපට කීපයක්ද ප්‍රදර්ශනය කිරීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ.
යාපනයේදී ආරම්හ වූ ජත්‍යාන්තර සිනමා උළෙලේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) ස්විට්සර්ලන්ත තානාපති සිරි වෝල්ට් ( Siri Walt ), දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් ෂැල්ක් (Satile Schalk) ඉන්දීය නියෝජ්‍ය තානාපති රාකේෂ් නට්‍රාජ් ජයබාස්කරන්, යාපනය විශ්වවිද්‍යාලය මහාචාර්ය සිරිසකුනරාජා, උත්සව අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා ඇතුළු පිරිසක් සහභාගි වූහ.







