දිනසේන රතුගමගේ –
තම ගම්මානයේ සිට නගරය වෙත යෑමට මාර්ග පහසුකමක් නොමැතිවීම හේතුවෙන් ඇල මාර්ගයක් ඔස්සේ ඉතා දුෂ්කර ගමනක යෙදෙන ගම්වැසියන් පිරිසක් ගැන මන්නාරම මඩුක්කරෙයි ගම්මානයෙන් වාර්තා වේ. මඩුක්කරෙයි ගම්මානයේ පවුල් 123 කට අයත් පුද්ගලයෝ 487ක් මෙම පීඩාකාරී ජීවිතය ගතකරමින් සිටිති.

පසුගිය දිනවල මන්නාරම පළාතට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමගම මේ වැසියෝ ගම්මානයෙන් පිටව යාමට නොහැකිව සිරවී සිටියහ.
යුද සමයේදී උන් හිටිතැන් අහිමි වීමෙන් පසුව 2019 වසරේදී මේ පිරිස මන්නාරම මඩුක්කරෙයි ගම්මානයේ යළි පදිංචි කොට ඇතත් ඔවුන්ට ගමනා ගමන පහසුකම් සපයා ගැනීමට පහසුකම් සපයා දී තිබුණේ නැත.







