ඊයේ (12 ) සවස කාර්යබහුල කඩුවෙල-කොල්ලුපිටිය මාර්ගයේ යතුරුපැදිකරුවෙකු ආයුධයක් වැනි වස්තුවක් අතැතිව වාහන කිහිපයකට හානි කර යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමග වැලිකඩ පොලිසිය විසින් ලුහු බැඳ ගොස් ඒම සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිස් වාර්තාවලට අනුව, සැකකරු සිද්ධිය අතරතුර වාහන හතරක් ඉලක්ක කරගෙන ඇත.
සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඔහු අද,( 13 ) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රහාරය පිටුපස ඇති අරමුණ තීරණය කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින බව බලධාරීන් තහවුරු කළහ.







