ඉන්දියාව සහ චීනය අතර සම්බන්ධතා නවතම මඟකට යොමුකරමින් දෙරටේ නායකයින් නුදුරේදීම දකුණු අප්‍රිකාවේ හමුවීමට නියමිතය.
ඒ අනුව මෙම හමුවට පෙරාතුව නව ද්වීපාර්ශවීය වර්ධනයක් ලෙස ඉන්දීය හමුදාව සහ චීන මහජන හමුදාව අතර පවතින අර්බුදකාරී තත්ත්වය සමථකයකට පත් කරගැනීමට ස්ථාන දෙකකදී සාකච්ඡා පැවැත්වීමට සැලසුම්කර තිබිණි. මෙම සාකච්ඡා ඩෝලා බෙග් ඕල්ඩි සහ චසල් හිදී දෙරටේම හමුදාවේ මේජර් ජෙනරාල්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම්කර තිබිණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දකුණු අප්‍රිකානු ජනාධිපති මතමෙලා සිරිල් රමෆෝසාගේ ආරාධනයකට අනුව 15 වැනි බ්‍රික්ස් සමුළුවට සහභාගි වීම සඳහා අගෝස්තු මේවන විට දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් වෙත පැමිණ තිබේ
මේ අතර ඉන්දීය ත්‍රිශූල් සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීකේ මිශ්‍රා සහ මේජර් ජෙනරාල් හරිහරන් විසින් ස්ථාන දෙකක පැවති සාකච්ඡා සඳහා ඉන්දීය පාර්ශවය නියෝජනය කළ බව ආරක්ෂක ආරංචි මාර්ග ඉන්දීය මාධ්‍ය වෙත වෙත පවසා ඇත.
ඒ අනුව ඉකුත් අගෝස්තු 13 සිට 14 දක්වා දෙපාර්ශ්වය අතර චුෂුල් මෝල්ඩෝ දේශසීමා රැස්වීම් ස්ථානයේදී පවත්වන ලද 19 වැනි සේනාංකාධිපති මට්ටමේ සාකච්ඡාවල ප්‍රතිඵලය අනුව මෙම සාකච්ඡා පැවැත්විණි.
වර්තාවන අන්දමට මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් ඉදිරියෙදී ඉහළ මට්ටමේ හමුදා නාකයින්ගේ සහභාගීත්වයෙන් සාචච්ඡා වටයක් පැවැත්වීමට නියිමත අතර එහිදී දෙපාර්ශව ඉතා සාර්ථක විසදුමකට පැමිණීමටද ඉඩ ඇති බවද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
ඉන්දියාවට සිය දේශසීමා වල ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අභියෝගයක් එල්ලවී තිබේ. එහිදී පාකිස්තානය දෙසින්ද ත්‍රස්ත ක්‍රියාකාරීන් ඉන්දීය භූමියට ඇතුළු වීමේ අවදානමක් නිර්මාණය වී ඇති අතර ලඩක් දෙසින් චීන හමුදාවන්ගේ ක්‍රියාකරකම් සම්බන්ධයෙන්ද අවධානමක් නිර්මාණය වී තිබේ.
ඒ අනුව මෙම තත්ත්වය පාලනය කිරීමට ඇතිවිය හැකි අභියෝග පාලනය කිරීමටත් ඉන්දීය ආරක්ෂක අංශ නිරන්තරයෙන් අවධානයෙන් සිටීමටත් ඒ සඳහා නිරන්තර පුහුණුවීම වල නිරතවීමටත් ක්‍රියාකරයි.