ඉන්දියාව සෞඛ්‍ය ආවරණ හා යෝජනා ක්‍රම දියුණු කිරීම ලෝක සෞඛ්‍යය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය Tedros Adhanom Ghebreyesus විසින් අගය කරන ලදී. ගුජරාට් හි ගාන්ධිපූර්වල පැවැත්වෙන ජී20 සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම අමතමින් ඔහු මේ බව පවසා තිබේ.
“විශ්ව සෞඛ්‍ය ආවරණය සහ ලොව විශාලතම සෞඛ්‍ය රක්‍ෂණ වැඩසටහන වන ආයුෂ්මාන් භාරත් යෝජනා ක්‍රමය ඉදිරියට ගෙන යාමට ඉන්දියාව ගත් පියවර පිළිබඳව මම ප්‍රශංසා කරමි.”
සමුළුව ඇමතීම ආරම්භ කරමින් ලෝක සෞඛ්‍යය සංවිධානයේ ප්‍රධානියා, ජී 20 සමුළුවට සත්කාරකත්වය ලබා දීමේ දී ඉන්දියාව දක්වන කාරුණික ආගන්තුක සත්කාරය සහ දූරදර්ශී නායකත්වය පිළිබඳව ස්තුතිය පුද කළේය.
මෙහිදී ගාන්ධිනගර් හි පිහිටි සෞඛ්‍ය හා සුවතා මධ්‍යස්ථානයකට කළ සංචාරය ද සිහිපත් කළ ඔහු HWC මඟින් නිවාස 1000කට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් පැහැදුණු බව ද පැවසීය.
මීට අමතරව ඔහු ගුජරාටයේ ලබා දී ඇති ටෙලි වෛද්‍ය පහසුකම් ගැන ද ප්‍රශංසා කළ අතර සෙනසුරාදා දියත් කිරීමට නියමිත ගෝලීය ඩිජිටල් සෞඛ්‍ය මුලපිරීම සඳහා ඉන්දියාවේ ඨ20 ජනාධිපති කාර්යාලයට ස්තූතිය පළ කළ බව Devdiscourse වෙබ් අඩවිය වාර්තා කරයි.