සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොස්කව් ප්‍රහාරයට සම්බන්ධ වූවන්ගේ ඉරණම….

by lankasara-editor
මාර්තු 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

පසුගිය සිකුරාදා දින රුසියාවේ මොස්කව් හි ප්‍රසංග ශාලාවකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව හා එහිදී පුද්ගලයන් 137 දෙනෙකු ඝාතනය කළ බවට පුද්ගලයින් සිව් දෙනෙකුට චෝදනා එල්ල කර තිබෙනවා. ඒ ත්‍රස්තවාදී ක්‍රියාවක් කළ බව දක්වමින්.

ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම නොහොත් IS සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම භාරගත් නමුත් රුසියාව සාක්ෂි නොමැතිවත් දිගින් දිගටම පවසා සිටියේ ප්‍රහාරය ට යුක්රේන මැදිහත්වීමක් ඇති බවයි. යුක්රේනය එම සියලු ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත් චෝදනා එල්ලකර රුසියානු බලධාරීන් යටතට ගත් පුද්ගලයන් සිව්දෙනා ඩෙලෙර්ඩ්‍රොන් මිර්සෝයෙව්, සයිඩාක්‍රමි මුරොදාලි රීචබලිසෝදා, ෂම්සිදින් ෆරිදුනි සහ  මුහම්මද්සොබීර් ෆයිසොව් ලෙස නම් කර තිබෙනවා.

ඩෙලෙර්ඩ්‍රොන් මිර්සෝයෙව් (වමේ ) සහ සයිඩාක්‍රමි මුරොදාලි රීචබලිසෝදා

විදෙස් මාධ්‍ය වාර්තා කරන ලෙස ඔවුන්ගෙන් තිදෙනෙකු රුසියානු අගනුවර බාස්මනි දිස්ත්‍රික් උසාවියට ​​වෙස්මුහුණු පැළඳ පොලිසිය විසින් රැගෙන යන ආකාරයක් දක්නට ලැබී තිබෙනවා. එක් අයෙකු රැගෙන ගොස් තිබුනේ රෝද පුටුවක ආධාරයෙන්. ඔවුන් සියලු දෙනාටම පහර දී ඇති බවක් ද දක්නට ලැබී තිබෙනවා.

රුසියානු ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද කුරිරු ප්‍රශ්න කිරීම් සැසි පිලිබඳව ද විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඒ සඳහා විදුලි සැර යොදාගෙන ඇති බව වාර්තා කර තිබෙනවා. ඩෙලෙර්ඩ්‍රොන් මිර්සෝයෙව් සහ සයිඩාක්‍රමි මුරොදාලි රීචබලිසෝදා ලෙස අධිකරණය විසින් හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ ඇස් කළු පැහැ ගැන්වී තිබූ බවත් ඩෙලෙර්ඩ්‍රොන් මිර්සෝයෙව් ගේ බෙල්ලේ ඉරා දැමූ ප්ලාස්ටික් බෑගයක්  ඔතා ඇති බවක් පෙනෙන්නට තිබූ බවත් සඳහන් වනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ෂම්සිදින් ෆරිදුනි නමැති පුද්ගලයාගේ මුහුණ දැඩි ලෙස ඉදිමී තිබූ අතර මුහම්මද්සොබීර් ෆයිසොව් නැමැති පුද්ගලයා සිහින් රෝහල් ඇඳුමකින් සැරසී රෝද පුටුවකින් උසාවියට ​​ගෙන එන විට ඔහුට සිහිය නැති වී ඇති බවක් පෙනෙන්නට තිබූ බව  වාර්තා වනවා.  විදෙස් මාධ්‍ය වාර්තා කරන ලෙස එක් අයෙකුගේ ඇසක් නොමැති බවක් පෙනී තිබෙනවා.

ෂම්සිදින් ෆරිදුනි (වමේ) සහ මුහම්මද්සොබීර් ෆයිසොව්

ටෙලිග්‍රාම් පණිවුඩකරණ සේවාව පිළිබඳ අධිකරණ ප්‍රකාශයක දක්වා තිබුනේ ඩෙලෙර්ඩ්‍රොන් මිර්සෝයෙව් ඔහුගේ වරද සම්පූර්ණයෙන් පිළිගෙන අතර  සයිඩාක්‍රමි මුරොදාලි රීචබලිසෝදා  ද වරද පිළිගෙන ඇති බවයි.

රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ මෙම පුද්ගලයන් ටජිකිස්තානයේ පුරවැසියන් බව හඳුනාගෙන ඇති බවයි. සිව්දෙනාම අවම වශයෙන් ලබන මැයි 22 දක්වා පූර්ව නඩු විභාගයේ රඳවා තබා ගත යුතු බව අධිකරණය වැඩිදුරටත් පවසා තිබෙනවා.

රුසියානු රජයේ පාලිත ප්‍රවෘත්ති ඒජන්සියක්වන RUPTLY සැකකරුවන් අධිකරණයට ගෙන යන ආකාරය වාර්තා කර තිබූ අයුරු…

පසුගිය සිකුරාදා සිදු වූ ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් ප්‍රහාරයෙන් පැය 14 කට පමණ පසු බ්‍රයන්ස්ක් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) පවසන්නේ.

IS සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගනිමින් ප්‍රකාශ කර තිබුණේ එය IS-K නම් ශාඛාවක් විසින් සිදු කරන ලද්දක් බවයි. නමුත් රුසියාව එම ප්‍රකාශය පිළිගෙන නොමැති අතර ඒ වෙනුවට සාක්ෂි නොමැතිව, ප්‍රහාරකයන්ට යුක්‍රේනය උදව් කර තිබෙන බවත්, කියෙව් දේශ සීමාව තරණය කර යුක්‍රේන භූමියට පැන යාමට ඉඩ සැලසීමට ඔවුන් කවුළුවක් සූදානම් කර බවත් පවසා තිබෙනවා.

යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි ඊයේ එනම් ඉරිදා එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අතර, ඔහුගේ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය ද එම චෝදනා තරයේ හෙළා දැක තිබෙනවා. එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශිකා ඇඩ්‍රියන් වොට්සන් පවසන්නේ ද මෙම ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම IS සංවිධානය විසින් දරනු ලබන බවත් කිසිදු යුක්රේන මැදිහත්වීමක් ඊට නොතිබෙන බවත් ය.

කෙසේ වෙතත් ප්‍රහාරයට ආධාර කළ බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් හත් දෙනෙකු ද රුසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රධානපෙළේ ආහාර නිශ්පාදන ආයතනවලට  එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බෑ… PHI මහත්වරු මරණ බයෙන්…

Next Post

හොඳටම දිනුම් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.