සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොස්කව් නුවරට ISIS ප්‍රහාරයක්!

by lankasara-editor
මාර්තු 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

රුසියාවේ මොස්කව් හි පිහිටි ප්‍රසංග ශාලාවකට ඊයේ (22) රාත්‍රියේ තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් හතලිස් දෙනෙකු පමණ මිය ගොස් තවත් සියයකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රුසියානු රොක් සංගීත කණ්ඩායමක් වන  පික්නික් සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් එම අවස්ථාවේ පැවැත්වීමට නියමිත ව තිබූ අතර ඒ සඳහා 6,000 කට අධික රුසියානුවන් ක්‍රොකස් සිටි හෝල් සංකීර්ණයට පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සංගීත කණ්ඩායම වේදිකාවට පැමිණීමට මිනිත්තු කිහිපයකට පෙර තුවක්කුකරුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ඉන් ශාලාව ගිනි ගැනීමට ද ලක් ව ඇති නමුත් පික්නික් සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ට කිසිදු හානියක් සිදු වී නැහැ.

කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබෙනවා. ISIS සංවිධානයට අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සියක් වන Amaq විසින් ප්‍රහාරයෙන් පසු ටෙලිග්‍රාම් හි ප්‍රකාශයට පත් කරන ලද කෙටි ප්‍රකාශයක ත්‍රස්ත කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගත් බව සඳහන් වනවා
නමුත් ඔවුන් තම ප්‍රකාශය සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ලබා දී නැහැ.

සිදුවීම සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් මෙම සති අන්තයේ මොස්කව්හි සියලුම ක්‍රීඩා, සංස්කෘතික සහ අනෙකුත් පොදු උත්සව අවලංගු කරන බව දන්වා තිබෙනවා. ක්‍රෙම්ලිනය පවසන ආකාරයට අනුව ප්‍රහාරය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද දැනුවත් කර තිබෙනවා. මෙලෙස ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ මෙම මස මුලදී රුසියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ප්‍රසංග ද ඇතුළුව මොස්කව් හි විශාල රැස්වීම් ඉලක්ක කරමින් අන්තවාදීන් ප්‍රහාරයක් සැලසුම් කර ඇති බවට වාර්තා ලැබුනු බව දැනුවත් කර තිබූ පසුබිමකයි.

විශාල රැස්වීම්වලින් වළකින ලෙස තානාපති කාර්යාලය එක්සත් ජනපද පුරවැසියන්ට අනතුරු අඟවා තිබුනා. නමුත් රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක ඒජන්සියට පසුගිය අඟහරුවාදා කළ ප්‍රකාශය කදී, පුටින් මොස්කව් හි ත්‍රස්ත ප්‍රහාර පිලිබඳව තානාපති කාර්යාලය කල අනතුරු ඇඟවීම් හෙළා දැක්කේ එය සමාජය බිය ගැන්වීමේ හා අස්ථාවර කිරීමේ අරමුණින් කල දෙයක් බව පවසමින්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරුවත් වන්නට ගිය ශ්‍රී ලංකා ඉනිමේ විලි වැසූ කමිඳුගේ 102 සහ ධනාගේ 102…

Next Post

වේල්ස් කුමරිය කේට් ට පිළිකාවක්… පිළිකාවකින් පෙළෙන චාල්ස් රජු සහ කේට් කුමරිය එකට රෝහල්ගතව ප්‍රතිකාර ගනී….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.