සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නිරුවත් වන්නට ගිය ශ්‍රී ලංකා ඉනිමේ විලි වැසූ කමිඳුගේ 102 සහ ධනාගේ 102…

by editor
මාර්තු 22, 2024
in ක්‍රීඩා
ධනංජය සහ කමිඳු... ඉනිම දෙකේදීම ශතක...

ධනංජය සහ කමිඳු... ඉනිම දෙකේදීම ශතක...

Share on FacebookShare on Twitter

සිල්හෙට් හි  පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානය.  බංගලාදේශ කණ්ඩායම කාසියේ වාසිය දිනුවේය. මුලින්ම පන්දු රැකීම තේරුවේය.

තරගයේ සාරාංශය කෙටියෙන්ම මෙසේය. කමිඳු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 102 බැගින් ලබාගෙනය. ඉතිරි 08 දෙනාම ලකුණු 76කට දැවී ගොස්ය. ශ්‍රි ලංකා කණ්ඩායමේ හයවැනි කඩුල්ලේ සම්බන්ධතාවය  ලකුණු 202 කි. තරගයටම තිබුණේ මේ ශතක දෙක පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 280කට පන්දු ඕවර 68ක් තුළ දැවී ගියහ.

සිල්හෙට් හි දුර්ලභ කොළ පැහැති තණතීරුවේ පන්දුවේ දෝලනය උපරිම ලෙස බංගලාදේශ වේග පන්දු යවන්නෝ යොදා ගත්හ.

නිශාන් මධුෂ්ක පළමුවෙන්ම දැවී ගියේය. ඒ දිනයේ දෙවැනි ඕවරයේ තෙවැනි ස්ලිප්හි  පන්දු රැකි මේදි හසන් මිරාස්ගේ  හිස උසට උඩ පන්දුවක් ලබා දෙමිනි. නිශාන් මධුෂ්ක ලකුණු 2කි. මුහණ දුන්නේ පන්දු 09කට පමණි.

ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 57 ට කඩුලු 05ක් දැවී ගොස් තිබිණි..

පන්දු 37කට මුහුණ දුන් දිමුත් කරුණාරත්න ලකුණු 17කි. ඩුප්ලිකේට් කෝලි බව කී කුසල් මෙන්ඩිස් පිටියට පැමිණි අවස්ථාවේ සිට ක්‍රීඩා කළේ දෙගිඩියාවෙනි. ඔහු පන්දු 26ක් තුළ ලකුණු 16කි.  ඈන්ජලෝ මැතිව්ස් පන්දු 7කි. ලකුණු 05කි.   සීමා ඉරෙන් පිටත සිටිය දි ඔහු දවා ගැනීමට බංගලාදේශ පන්දු රකින්නන් සමත් විය.. දිනේෂ් චන්දිමාල් පන්දු 13කි. ලකුණු 09කි. පස්වන කඩුල්ල ලෙස චන්දිමාල් දැවී යන විට  ලකුණු 57කට කඩුලු 05කි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉනිමේ රෙදි ගැලවී නිරුවත් වීම වැළකෙන්නේ ඉන් අනතුරුව ගොඩනැගුන අසිරිමත් සම්බන්ධතාවයත් සමගය. ඒ සම්බන්ධතාවය ගොඩනැගෙන්නට පෙර ලකුණු නොලබා සිටි කමිඳු මෙන්ඩිස් ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවකට ලබා දුන් උඩ පන්දුව  ගිලිහි ගියේය.

ෂෝරිෆුල් ඉස්ලාම් පළමු පන්දුවට පළමු ස්ලිප් වෙත කමිඳු ලබා දුන් උඩපන්දුව එහි පන්දු රැකි  මහමුදුල්ලා අතින් ගිලිහී ගියේය. එක පිට එක කඩුළු බිඳවැටෙමින් තිබූ ඒ අවස්ථාවේ ගිලිහුණ උඩපන්දුව මේ තරම් මිල අධිකවනු ඇතැයි බංගලාදේශ කණ්ඩායම කල්පනා කළේ නැත. අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ආශ්වාදනීය ලෙස ගොඩනැගුනා මෙන්ම කමිඳු සිය මංගල ටෙස්ට් ශතකය පූර්ණය කළේය. ගිලිහෙන එක් අවස්ථාවක් තරගයක ඉරණම තීරණය කරන්නේය. සමහරවිට බංගලාදේශ කණ්ඩායම මේ තරගය ඒ උඩපන්දුවෙන් අත් හැරගත්තා වන්නට පුලුවන.

කමිඳු සහ ධනංජය අතර ඇතිවන ඒ මනරම් සබඳතාවය අතර ධනංජය ලකුණු 102ක් ලබන්නේ  පන්දු 131ක් තුළය. හතරේ පහර 12කි. එක් හයේ පහරකි. කමිඳු මෙන්ඩිස් ලකුණු 102 පන්දු 127කිනි. හතරේ පහර 11කි. හයේ පහර 03කි.

ධනංජය සහ කමිඳු යන දෙදෙනාම එකම ඕවරයක  අර්ධ ශතක ලබා ගත්හ.   එකම ඕවරයේදී   ශතක ද ලබා ගත්හ.  ඔවුන්ගේ ස්ථාවරයේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ මේ අවදානම් සහිත අවස්ථාවේ දී අනවශ්‍ය අවදානමක් නොගැනීමය.  හතරේ සීමා ඉර ඉක්මවා ගියේ දුර්වල පන්දු පමණි.      සෑම විටම  පහසුවෙන් ඔවුහු එක ලකුණ සොයා ගත්හ.

විශ්ව ප්‍රනාන්දු කඩුළු 02යි…

දිවා ආහාරයෙන් පසු දෙවන භාගය තරගයේ මුළු ආදිපත්‍යයම තිබුනේ කමිඳු සහ ධනංජය අතේය. දිවා ආහාරයට පෙර කාර්තුවේ පාලනය මුළුමනින්ම තමන් සතුව සිටි බංගලාදේශ කණ්ඩායම දෙවැනි අර්ධයේදී හිස් අතගාමින් බලා සිටින තත්ත්වයකට පත් වූයේය. පන්දුව මෘදු වීමත් සමග ධනංජයට සහ කමිඳුට පහසු ලකුණු ගලා ආවේය. ඔවුහු දිවා ආහාරයට පසු කාර්තුවේ  ලකුණු 125ක් ලබා ගත්හ.

කමිඳු දැවි ගොස් හවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගෙන අනගි සම්බන්ධතාවය බිඳි යෑමත් සමගම     ශ්‍රී ලංකා කණ්ඩායම මුලුමනින්ම දවා ගැනීමට බංගලාදේශ පන්දු යවන්නට අවශ්‍ය වන්නේ  පන්දු ඕවර 11 කි.

සිය මංගල ටෙට්ස් තරගය ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක නහීඩ් රානා ලකුණු 87කට කඩුළු 03ක්, කලිඩ් අහමඩ් ලකුණු 72කට කඩුළු 03ක්, ෂොරිෆුල් ඉස්ලාම්  ලකුණු 59කට කඩුළු 01ක්, ටජුල් ඉස්ලාම් ලකුණු 31කට කඩුල්ලක් ලැබූහ. ලහිරු කුමාර සහ ඈන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී ගියහ.

කෙසේ වෙතත්  මේ තණතීරුව මුලුමනින්ම පැවතුනේ වේග පන්දු යවන්නන්ගේ අණසක මත බව ශ්‍රී ලංකා පන්දු යවන්නෝත් බංගලාදේශ කණඩායමට පෙන්වූහ.

කඩුල්ලට ලකුණු අනුව, විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත බංග්ලාදේශයේ කඩුලු 03ක් දවාගෙනය  මහමුදුල් හසන් ජෝයි  ලකුණු 09ක් ලබාගෙන නොදැවීය. නායක නජ්මුල් හොස්සයි ෂන්ටො ලකුණු 05කට, සකීර් හසන් ලකුණු 09කට, මොමිනුල් හක් ලකුණු 5කට ක්‍රීඩාගාරයේය. නයිට් වොච්මන් ලෙස පැමිණි ටයිජුල් ඉස්ලාම් ලකුණු නොලබා හිඳී. බගංලාදේශය ලකුණු 32කට කඩුලු 03කි. ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 248ක් පසුපසිනි.

බංගලාදේශය ලබා ගත් ආරම්භයම ශ්‍රි ලංකාවද ලබාගෙන ඇත. දෙවැනි දිනයේ මුල් කාර්තුව තරගයේ ඉරණම තීරණය කරන වැදගත්ම පැය කීපය වනු ඇත.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා… අධිකරණය නියෝග කළොත් කවුද කියලා කියනවා… මෛත්‍රී නුවරදී කියයි!

Next Post

මොස්කව් නුවරට ISIS ප්‍රහාරයක්!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.