සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෛත්‍රී – මහින්දානන්ද ගැටුමට මුල පිරූ ඒ ජනාධිපති සහ මේ ජනාධිපතිගේ වියදම් කතාව

by Lanka Sara Editor
නොවැම්බර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ උණුසුම් වාග් ප්‍රහාරයක් අද පාර්ලිමේන්තුවේදී හටගත් අතර ඊට හේතු වූයේ හිටපු ජනාධිපතිවරයා අමාත්‍ය මහින්දානන්ද අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තුවේදී තමන් නොසිටි අවස්ථාවේ කළ විවේචනයකි. ඊට පිළිතුරු දෙන්නට පැමිණි කෘෂිකර්ම අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයාගේ 2019 වසරේ වැය ශීර්ෂයත් සහ වර්තමාන ජනාධිතිවරයාගේ 2020 වසරේ වැය ශීර්ෂයත් සංසන්දනය කරමින් වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම යුතුකමක් බවට වේගවත් ප්‍රකාශයක් සිදු කිරීමයි.

අද පාර්ලිමේන්කුවේ පළමු සැසිවාරය්දී එලෙස ආවේගාත්මක ලෙස අදහස් පළ කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාහ කළේ තමන්ට ගහන්නට ආවොත් තමන්ට ආපහු පහර දෙන බවය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම ඇමතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2019 වර්ෂයේදී තම වැය ශිර්ෂය ලෙස රුපියල් බිලියන 3.73ක් වැය කර ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට පසු 2020 වසරේ වැය කර ඇත්තේ රුපියල් බිලියන 1.2ක් පමණක් බවත් පෙන්වා දුන්නේය.

ඒ සමග ඔහු ජනාධිපතිවරුන් දෙදෙනාගේ වියදම් කිහිපයක් සංසන්දනය කළේ මෙසේය.

“ මම මේ කතාව කරන්නෙ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂ දත්ත අරගෙන මිසක් කාටවත් පෞද්ගලික විවේචනය කරන්න නෙවෙයි. මම කිව්වේ ජනාධිපති වැය ශීර්ෂය ගැන. හිටපු ජනාධිපති 2019 අවුරුද්දට වැය කරල තියෙනවා බිලියන 3.73ක්.වර්තමාන ජනාධිපති වැය කර තිබෙන්නේ බිලියන 1.2ක් .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වියදම් තවදුරටත් විස්තර කරනවා නම් 2019 වසරේ ජනාධිපති කාර්යාලයේ වැටුප් සහ වේතන වියදම මිලියන 886ක්. වර්තමාන ජනාධිපතිවරයාගේ මේ වියදම මිලියන 465ක්. දේශීය ගමන් වියදම් හිටපු ජනාධිපති මිලියන 21යි වත්මන් ජනාධිපති මිලියන 6.2යි. විදේශ ගමන් සඳහා හිටපු ජනාධිපතිතුමා 2019 වසරේ මිලියන 52යි. වර්තමාන ජනාධිපතිතුමා 202 වසරේ රුපියල් 377000යි.

ඉන්ධන සඳහා හිටපු ජනාධිපතිතුමා මිලියන 271යි. වත්මන් ජනාධිපතිතුමා මිලියන 90යි. වාහන නඩත්තුවට මිලියන 335.වර්තමාන ජනාධිපති 2020 දී මිලියන 90යි . 2019 වසරේ හිටපු ජනාධිපති ලේකම් කාර්යාලය පුවාහන වියදම් මිලියන 16යි. වත්මන් ජනාධිපතිවරයා 2020 වසරේ මිලියන 5යි. මම වේ කීවේ වසර දෙකේ වැය ශීර්ෂ වෙනස. මට අවශ්‍ය වුණේ වර්තමාන ජනාධිපතිවරයා රටට පෙන්වා දීල තිබෙන ආදර්ශය ගැන කියන්න. අද එතුමට හැමෝම දොස් කියනවා. රටට බිලියන 1.7ක් ඉතිරි කරල තියෙනවා නම් ඒක කතා කිරීමේ අයිතිය මට තිබෙනවා.

නිල නිවස ගැන මම කළ කතාව ගැනත් කිව්වා. ඒ කතාවට මම ගත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් රත්නසිරි මහත්තමයා සකස් කළ ලිපියකින්. මම මේව කියන්නේ මට දොස් කියපු නිසා එම අමාත්‍යංශ ලේකම්වරයාට අනුව පැජට් පාරේ නිවාසය යනු නිවාස තුනකි. මේ නිවාසවල ඩීබී විජේතුංග ජනාධිපතිතුමා, සරත් අමුණුගම සහ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරු හිටියා. එතුමා මට ගැහුවා මහින්දානන්ද නියරක ගිහින් නෑ කිව්වා. . මහින්දානන්ද වෙලේ නියරේ ගිහින් තියනවා. අපට ගහනවා නම් අපිත් ගහනවා. නපුංසක වෙන්න බෑ

මේ ප්‍රකාශයට පිළිතුරක් දුන් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමන් ඊට පෙර හිටපු ජනාධිපතිවරුන් සාපේක්ෂව වියදම් අඩුකර ආදර්ශයක් ලබා දුන් අතර වර්තමාන ජනාධිපතිවරයා මෙවැනි ආදර්ශයක් ලබා දීම අගය කරන බවය. එසේම එහිදී පවතින කොවිඩ් වසංගතය නිසා රට තුළ සහ ලෝකයේ වැඩ කටයුතු ගමන් බිමන් සීමා වූ බවද සිරිසේන මහතා සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කින්නියා නගරාධිපති ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරයට…

Next Post

ගෑස් පිපිරීම් ගැන රජයේ රස පරීක්ෂක හේතු දක්වයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.