අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ රට ඔබේ අම්මගේ අප්පගේ බූදලයක් ද? සාගලයි ඇමතියි කරන හොරකම දන්නෙ නෑ වගේ ඉන්නවා…. අනුර ජනපතිට කියයි!

රුපියල් 50ට සූර්ය බලශක්තියෙන් හදන විදුලි ඒකකයක් ගන්න කැබිනට් අනුමැතිය....

by editor
දෙසැම්බර් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රට ජනාධිපතිවරයාගේ බූදලයක් නොවන බවත්, හොරකම් වංචා සම්බන්ධව තමන්ට චෝදනා කිරීමට පෙර සාගල රත්නායක ජනාධිපති කාර්යාලේ සිට කරන ඩීල් ගැන, අමාත්‍යවරයා හෝල් සේල් හොරකම් කරන ආකාරය ගැන  දැනගෙනත් නොදැනුවත් ඉන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (12)  පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේය.

ඔහු මේ බව පැවසුවේ මේ වනවිට ඔස්ට්‍රේලියානු සමාගමක් වෙත ලබා දීමට යන යාපනයේ පුනකරීන් වැවේ සූර්ය විදුලි බලාගාරයේ ජනනය වන එක් ඒකකයක් රුපියල් 50කට ආණ්ඩුව මිලදී ගන්නේ කුමන පදනමකින්දැයි විමසූ අවස්ථාවේ මැදිහත් වූ ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක දූෂිත ඉංජිනේරුවන් සහ ඩීසල් සහ ගල් අඟුරු කොමිස් කරුවන් වෙනුවෙන් පෙනී සිටින බවට ඇඟවෙන ආකාරයේ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුවය.

අනුර කුමාර දිසානාය මන්ත්‍රීවරයා මෙසේ කතා කරමින් සිටිය්‍දී මෙම සංවාදය ඇති විය.

“පුනර්ජනනීය බලශක්ති විභවයක් තියනවා. අපේ රටේ පරිභෝජනයට අධික විභවයක් තියනවා. අතිරේක විදලිය ඉන්දියාව එක්ක ගනුදෙනු කළ යුතුයි. ඒක හරි.

නමුත් මේ ආයෝජන එකක්වත් නියමිත ටෙන්ඩර් කැඳවා නෑ. යටි ගනුදෙනු හරහා වෙන්නේ.  හම්න්තොට කොළඹ දකුණ වරාය,  බටහිර වරාය,  අදානිගේ  පුනරීන් බලාගාර ව්‍යාපෘතිය සඳහා  නියමිත ටෙන්ඩර් කැඳවලා නෑ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇයි අපට මෙහෙම විභවයක් තියනවා කියලා ඉන්දියාව ඇතුළෙන් අපට ටෙන්ඩර් කැඳවන්න බැරි.  ඉන්දියාව ඇතුළෙ  ටෙන්ඩර් කැඳවන්න.

මොකද අදානිට ඉන්දියාවෙදි  ටෙන්ඩර් කැඳවන්නේ නැතිව ව්‍යාපෘත්යකි ලැබෙන්නේ නෑ. නමුත් අපි ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදානිට ව්‍යාපෘතිය දුන්නෙ. අපි කිව්වේ මේ ව්‍යාපෘතිය රජයකින් රජයට  දෙන්නේ කියලා. නමුත්  මේක පුද්ගලික ආයතනයක්.

ඊයේ රැස් වුන කැබිනට් රැස්වීමේ දී  සූර්ය බලයෙන් නිශ්පාදනය කරන්න ආයෝජන යෝජනාවක් එනවා.  මෙගා වොට් 700ක බලාගාරයක්  ඉදිකරන්නන යනවා කිළිනොච්චි පුනකරින් වැවේ. විදුලිය නිශ්පාදනය කරනවා නම්  අපි පවර්  පර්චසින් ඇග්‍රිමන්ට් එකක් අත්සන් කරන්න ඕන. දැන් මම දනගන්න කැමතියි ඒ අය නිශ්පාදනය කරන විදුලිය අප මිලදී ගන්න අත්සන් කරන ගිවිසුමේ ගාන කීය ද?

ඩොලර් ශත 15යි. ඒ කියන්නේ යුනිට් එක්ක රුපියල් 50ක් වෙනවා.

අපේ රටේ පුරවැසියන්ගේ ඉතාම බලාපොරොත්තුවක් තියනවා සූර්ය බලයෙන් හුළං බලයෙන් විදුලිය නිශ්පාදනය කළාට පස්සේ තමන්ගෙ විදුලිය බිල්පත අඩුවේවි කියලා.

මේ අවස්ථාවේ දී ජනාධිපතිවරයා නැගිට  සිටියේය.

“පුනකරීන් වැඩසටහනේ ඒ වැවත් හදලා අක්කර විසි දාහක් අවස්ථාව තියනවා යළි වගාවට කියන්න. මේක ගෙනත් තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමාගමින්. යුනයිටඩ් සෝලා සමාගමින් ගෙනාව මේ ව්‍යාපෘතියඑක්ක   ආසියාවේ විශාලම බැටරි ස්ටෝරේජ්  එනවා. මෙහෙම ව්‍යාපෘතියක්     ලංකාවට පළවෙනි වතාවට ඇවිත් තියෙන්නේ.”

“ලංකාවට ගෙනාපු මේ බැටරි ස්ටෝරේජ් එක ඇතුළේ  විශේෂයෙන්ම මින් පස්සේ  මෙගාවොට් 1400ක් දාන්න පුල්වන් කියලා තියනවා. ඒත් මේක කරන්න විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු බොහෝ දෙනෙක් විරුද්ධ වුනා.   ඊයේ අනුමත කළ එක අද එනවා නම් ඒක එන්න ඕන අමාත්‍යංශය ඇතුළෙන්. “

“මේ අයට ඕන ලිස්කොස්. ගල් අඟුරු සහ තෙල්. මේ මේවයින් කොමිස් ලැබෙනවා. සූර්ය බලයෙන් සහ සුළංවලින් කොමිස් ගන්න බෑ. මේ සම්පූර්ණ මිළ ගැන ඇමති තුමා කියයි. අපිට තියනවා නෙට් සීරෝ එකට යන්න. අපි දන්නවා පුනර්ජනනීය විදුලිය දැන් ගණන් වැඩියි. ඒක පහළට ඒවි.”

“  අපි 2003 නොරොච්චෝලෙ හදන්න එපා කිව්වා. ත්‍රීකුණාමලය හැදුවා නම් මේ ප්‍රශ්න එන්නේ නෑ.  ඇමතිතුමා මේ ගැන කතා කරලා යෝජනා කළා. අපේ නීතිය අනුව ආයොජකයන්ට දීර්ඝ කාලීන ආයෝජන දෙන්න බෑ. ඒ අය  අවුරුදු 30ක් 40ක් ඉල්ලන්නේ.  .  අපි මේ තත්ත්වය ඉන්නේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් නිසා. දේශපාලකයින් සම්බන්ධ චෝදනා කළත් මේ කොමිස් ඇතුළේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ”

ජනාධිපතිවරයා පැවසූ විට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඍජුව ජනාධිපතිවරයාව ප්‍රශ්න කළේය.

“ ඔබතුමා කියන්න ඩිසල්වලින් නැප්තා වලින් කොමිස් ගැහුවේ කවුද. අමාත්‍ය සම්බන්ධතා තියනවා ඒ වංචා ඇතුළෙ.   වාර්තාව හොයලා බලන්න. මේ යට දූෂිත නිලධාරීන් ඉන්නවා. අමාත්‍යවරයා කැමතියි එහෙම අය තියාගන්න. ලේකම්ට හෝ අනික් අයට හොරකම් කරන්න එපා කියලා එයාලට හොරකම් කරන් බෑ. රටේ  ජනාධිපතිවරයාගේ ඉඳන් කක්කුට්ටො.  ඇදේට යන්නේ. සාගල රත්නායක මොනවද කරන්නේ. එතන. ජානාධිපතිවරයා නොදන්නව ද?.

“සූර්ය බලයෙන් ඒකකයක් රුපියල් 50ට ගන්න ඕන ද.  සූර්ය බල විදුලි ඒකකයක් රුපියල් 50යි. අද ගල් අඟුරු රුපියල් 22යි. සූරියාලෝකයෙන් හදන එක රුපියල් 50 වෙන්නේ කොහෙම ද. මේ ඉංජිනේරුවරුද කොමිස් ගහන්නෙ. මේවා දිගුකාලීන ගිවිසුම්. ඇයි යටින් කැබිනට් මණ්ඩයට ගෙනත් අනුමැතිය දෙන්නේ. මේ රටේ දිගුකාලීන ව්‍යාපෘති 5 ක් තියනවා මේ වගේ. හොරකම   තව තව වර්ධනය කරනවා මේ හරහා.

අපි කැඳවන මේ  ආයෝජන,  ආයෝජන නෙමෙයි. මම දැනගන්න කැමතියි පුනරීන්වල මෙගාවොට් 500ක් අදානිට දෙන්න යනවා. කීය ද අග්‍රිමන්ට් එක. දැනට සාකච්ඡා වෙමින් තියෙන්නේ ඩොලර් ශත හතහමාරකට. අදානි ඉන්දියාවෙන් ගන්නේ ඩොලර් ශත තුන හමාරයි. ඉන්දියාවෙ  ගන්නේ ටෙන්ඩර් කරලා.  ලංකාවෙ ගන්නේ අත යටින්.

එතුමගේ අම්මගෙ අප්පගේ බූදලය ද මේ රට.

මම කතා කරන්න ගල් අඟුරු කාරයින් වෙනුවෙන් ඩීසල් කාරයින් වෙනුවෙන්…. එතුමා කිව්වේ ඒකද?. ඩීසල් ගල් අඟුරු කාරයින්ගෙන් කොමිස් ගත්තෙ එතුමගේ කැබිනට් මණ්ඩලයේ කට්ටිය. මම කියන්නම්. එතුමා ඒක දන්නවා.

එතුමට ඕන මාතරින් ජනාධිපතිවරණ ඡන්දයට ඡන්ද ටික ගන්න. එතුමාට අවශ්‍ය නෑ  රටට මොකක්ද වෙන්නේ කියලා… ඒක වැදගත් නෑ. හෝල් සේල් හොරකම් කරන්නවා. හොරකම් කරන බව දන්නවා. එහෙම දැනගෙන ඇවිත් මට කියනවා    තෙල් කාරයො ගල් අ්‍ගුරු කාරයො වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා.

“අපේ රටේ ආයෝජනයන් ගැන විශාල මිත්‍යාවන් හදලා තියනවා. අපේ නීති රාමුව ශක්තිමත් කරන්න ඕන. ආයෝජනයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ශක්තිමත් කරන්න ඕන. අයෝජනයන් විවෘත ටෙන්ඩර් පටිපාටියකින් කැඳවන්න ඕන. අපේ රට මේ ආර්ථික ප්‍රපාතකයකට ඇදවැටුනේ   විවෘත ටෙන්ඩර් කැඳවුවේ නැති නිසා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාගෙන් අහන්නේ. හම්බන්තොට විවෘත ටෙන්ඩර් ද?. නෑ. නොරොච්චෝල බලාගාරය විවෘත ටෙන්ඩර් ද?. නෑ. පෝට් සිටිය විවෘත ටෙන්ඩර් ද?. නෑ… සී.අයි.සී.ටී. ජැටිය විවෘත ඩෙන්ඩර් ද?.  නෑ.. බටහිර වරාය විවෘත ටෙන්ඩර් ද?. නෑ. පුනරීන් අදානිගේ ව්‍යාපෘතිය විවෘත ටෙන්ඩර් ද?. නෑ. දැන් වැවේ ව්‍යාපෘතිය විවෘත ටෙන්ඩර් ද? නෑ.. මේ ඔක්කොම මේස යට සිදුවන ගනුදෙනු.

ඒකයි අපේ රට ප්‍රපාතයට වැටුනෙ. ලෝකයේ සෝලා නිපදවන සමාගම් ඉන්නවා.  ඒ සමාගම් වලට විවෘත ටෙන්ඩර කැඳවන්න. කියන්න මෙන්න අපේ සම්පත. විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් සහයෝගය ලබා දෙයි. මෙතන විභවය මෙච්චරයි. තාක්ෂණය තියනවද. තාක්ෂණය තියන කම්පැනි එන්න. අපිට දෙන්නේ කීයට ද. ඇයි මේවා අතයට සාකච්චා කරන්නේ. මේසේ යට සාකච්ඡා කරන්නේ.

මේ රට මේ ප්‍රපාතයට පත් කළේ ඩෙන්ඩර් පටිපාටියකින් තොරව තමන්ගේ කොම්පැණි කාරයො, තමන් දන්න අය, තමන්ගෙ හිතවත් අයට ව්‍යාපෘති දිලා. දැනුත් සාගල ජනාධිපති ලේකම් කාර්යාලයට ඒ අය එක්ක එනවා. ඒ අයට තමයි සමහර  ව්‍යාපෘති දෙන්නේ”

“එහෙම තමයි මේ රට ප්‍රපාතයට පත් කළේ. මම කිව්වෙ එකයි එතුමට. මෙතන සෝලාවලින් නිශ්පාදනය කරන්න යනවා. ඒකට වැඩි මිලක් එනවා. ඒක වැරදියි.  ඒකට නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළා ද?. හරි සමාගම තෝරා ගත්ත ද?.  ඒකටයි එතුමා පිළිතුරු දෙන්න ඕන. “

“ ඩීසල් ගැන ගල් අඟුරු ගැන මට කියන්න එන්න එපා. මේ ඇතුළෙ වෙන වැඩේ මම එතුමාට වඩා හොඳට දන්නවා.  ඩීසල්වලින් ගැහුවේ කවුද ගල් අඟුරුවලින් ගැහුවෙ කව්ද , දැනුත් මොකක්ද සිද්ද වෙන්නෙ කියලා සියල්ල අපි හොඳට දන්නවා. “

අපි කියන්නෙ අඩුම තරමෙ අපේ රටේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනය වීම පිළිබඳව පරිසර ඇහෙන් විතරක් නෙමෙයි මේ රටේ ජනතාව බලන්නේ. තෙල්වලින් හදන විට ගාන වැඩියි. සූර්යාලෝකයෙන් හදනකොට ගාන අඩුවේවි කියලා අපේක්ෂාවක් තියනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් සංකූලතාවයක්…   ජාතික රෝහළ තුළ Ceftriaxone ප්‍රතිජීවක එන්නත ලබා දීම තාවකාලිකව නවතියි….

Next Post

කන්දකාඩු සිද්ධිය ගැන නිසි විමර්ශනයක් පවත්වා ඊට නිලධාරීන් සම්බන්ධනම් දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා… පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.