සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ කොමිසමත් වික්‍රමසිංහගේ බළල් අතක්දැයි සැකයි… ටිල්වින් කියයි!

by editor
ජූනි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණ කොමිසම ඇත්තේ මැතිවරණ කල් දමන්නට නොව, මැතිවරණ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට බවත්, මේ මැතිවරණ කොමිසමේ හැසිරීම අනුව එය රනිල් වික්‍රමසිංහගේ බළල් අතක්දැයි සැක සිතෙන බවත් ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික,  ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය.

ඔහු  මේ බව ප්‍රකාශ කළේ  ජනමතයට ඉඩ දෙනු! පළාත්පාලන මැතිවරණය වහා පවත්වනු! උද්ඝෝෂණය  දහස් සංඛ්‍යාත ජන සහභාගීත්වයෙන්  රාජගිරිය මැතිවරණ කොමිසන් කාර්යාලය ඉදිරිපිටදී අද (08)  පැවැත්වුන අවස්ථාවේදී ය.

“සැණකෙළියට   සල්ලි ඇතේ – ඡන්ද වලට  සල්ලි නැතේ
බොරු කියලා   රනිල් තෙමේ – ප්‍රජාතන්ත්‍රෙ  දමයි වළේ”

“පරාජයට – බය හින්දා – පුංචි ඡන්දෙ  හංඟනවා
ජන මතයක්  නැති හින්දා – මර්දනයේ   හැංඟෙනවා”

“ජන මතයට  බය වෙනවා –  පුංචි ඡන්දෙ  වළකනවා
ආණ්ඩුවම  ෆේල් නිසා – ප්‍රජාතන්ත්‍රෙ   හකුළනවා”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ජනතාවනි   මේ අහන්න –  පුංචි ඡන්දෙ   දිනා ගන්න
ප්‍රජාතන්ත්‍රෙ  බේරගන්න – අපිත් එක්ක   එකතු වෙන්න… ” වැනි සටන් පාඨ සමගින් පැමිණි පිරිස වැලැක්වීම සඳහා රජය විසින් ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

මේ අතර එම විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් විය.

අනුර කුමාර දිසානායක   ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) එම නියෝගය නිකුත් කර තිබිණි.

වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම තහනම් නියෝග ආඥාව නිකුත් කෙරිනි.  ඒ අනුව විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොට්ටේ පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් විය. .

මැතිවරණ ලේකම් කාර්යාලය ඉදිරියට පැමිණ පැවත්වූ විරෝධතාවයේ දී ජනතාව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මෙසේ ද පැවසුවේය.

අදට හරියටම ඡන්දය කල් දාලා මාස තුනක් වෙනවා.  තාම ඡන්දයට දිනයක් නෑ. ජනතාවට ඡන්දය දෙන්න තියන ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය උල්ලංඝණය කරලා රනිල් වික්‍රමසිංහ විකාර කතා කියමින් රට වටේ යමින් සිටිනවා. ලෝකය වටේ යමින් ඉන්නවා

ආණ්ඩුවට වගකීමක් තියනවා ජනතාවට ඡන්දයක් ලබා දෙන්න. ඒ වගේම මැතිවරණ කොමිසමට වගීකම්ක් තියනවා මේ ඡන්දය තියන්න එ ගොල්ලන්ගේ පැත්තෙන් මැදිහත් වෙන්න. නාමයෝජනා භාරගත්තේ ඒ ගොල්ලො. දින දුන්නේ ඒ ගොල්ලො. ඒ නිසා මැතිවරණ කොමිසම තමයි ප්‍රධාන බලය ලත් ආයතනය බවට පත්වෙන්නේ.

නමුත් අපට පෙනෙන විදිහට මැතිවරණ කොමිසම තමන්ට හිමි ඒ බලය ප්‍රමාණයට මැදිහත් වෙලා ජනතාවට අයිත මේ පුංචි ඡන්දය දිනා ගන්න කොමිසම පැත්තෙන් වන මැදිහත්වීම අඩුයි කියලා අපි හිතනවා.

රනිල් වික්‍රමසිංහ සල්ලි නෑ කියලා ඡන්දෙට ඡන්ය නොතියා ඉන්නවා. කොමිසම  ඒක පිළිඅරන් ඡන්දයට සල්ලි ඉල්ලන්නේ නැතිව ඉන්නවා. කොමිසමට එහෙම අයිතියක් නෑ. ඒ නිසා මැතිවරණ කොමිසම වහාම තමන්ට හිමි බලය පාවිච්චි කරලා මේ කටයුත්ත කරන්න ඕන. අඩුගානේ මැතිවරණ කොමිසම ආණ්ඩුවට තමන්ට සල්ලි දුන්නේ නෑ කියලා නීතිමය ක්‍රියාමාර්ගයක්වත් ගන්න කටයුතු කළේ නෑ.

ඒ නිසා කොමිසමත්ත ජනාධිපතිට අවශ්‍ය තාලයට හැසිරෙනව ද කියන සැකය අපට තියනවා. ඒ නිසා අපි අවධාරණය කරන්න ආවේ මැතිවරණ කොමිසමට. ඔය ගොල්ලන්ට පඩි දෙන්නෙත් ජනතාවගේ බදු මුදල් වලින්. ඔයාල නඩත්තු වෙන්නේත් ජනතාවගේ සල්ලිවලින්. මැතිවරණ කොමිසක් තියෙන්නේ මැතිවරණ කල් දාන්න නොවෙයි. මැතිවරණ තියන්න.

ඒ නිසා මැතිවරණ කොමිසම තමන්ට හිමි බලය පාවිච්චි කරලා මේ පුංචි ඡන්දය දිනාදෙන්න මැදිහත් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපොස සාමාන්‍ය පෙළ විභාගය අතර සිසුවෙකුට අමානුෂිකව පහර දුන් කටුගස්තොට ශාන්ත අන්තොනි ළමා මැරයින් 06ක් අත්අඩංගුවට…

Next Post

සාමාන්‍ය පෙළ ලියා ගෙදර යන්න කලින්  සිසු පිරිසක් එතෙක් ඉගෙනගත් පාසලේ දොර ජනෙල් විදුලි උපකරණ කුඩු කර ලක්ෂ ගණනක් අලාභ කරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.