මෙරට ඉදිවූ දකුණු අසියාවේ විශාලතම වෘක්කවේද රෝහලේ සියලු වැඩ කටයුතු අවසන් කර නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවරීමට නියමිතව තිබේ.
චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ලද මෙම රෝහලේ කටයුතු සාර්ථකව නිම කිරීම පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ඡායාරූප සමගින් සටහනක් ද සිය නිල සමාජ ජාල ඔස්සේ මුදාහැර තිබේ.
හිටපු ජනාධිපතිවරයා තැබූ සම්පූර්ණ සටහන සහ සේයාරූ පහත දැක්වේ.
“2015 වර්ෂයේදි ජනාධිපතිවරයා ලෙස පළමු චීන නිල සංචාරයට එක්වු අවස්ථාවේදි චීන ජනාධිපතිතුමන් විසින් මා හට ත්‍යාගයක් ලෙස ලබාදුන් දකුණු අසියාවේ විශාලතම වෘක්කවේද විශේෂිත රෝහලේ සියලු වැඩ කටයුතු අවසන් කර නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවරිමට කටයුතු සලසා ඇත.
අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5කින් සහ දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත මෙම රෝහල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කල චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයටත් ,ඉදිකිරිම් කල සියලු දෙනාටත් මාගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි!”
Discussion about this post