පුත්තලම – කොළඹ ප්රධාන මාර්ගයේ මුන්දලම, නවදන්කුලම ප්රදේශයේදී අද (12) උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ එකම පවුලේ පියා, මව සහ දියණිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මොවුන් පුත්තලම, පලාවිය ප්රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.
මෝටර් රථය පැදවූ මියගිය අයගේ පුත්රයා බරපතල තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ඇත.
මෝටර් රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී රියදුරුට නින්ද යාම හේතුවෙන් පාලනය කරගත නොහැකිව ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයේ ගැටී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී සැක පළ කෙරේ.
අනතුරින් මෝටර් රථයට දැඩි ලෙස හානි සිදුව ඇති අතර, මියගිය අයගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා හලාවත රෝහලේ තැන්පත් කර ඇත.
අධික වේගය සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම අනතුරට ප්රධාන හේතුව වී ඇති බව පෙනී යන බවත් වෑන් රථයේ රියදුරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්රියාත්මකය බවත් මුන්දලම පොලිසිය පවසයි.
මුන්දලම පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත රථවාහන අංශයේ නිලධාරීන් මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.







