රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මුදල් ඇමති ධුරයේ කටයුතු කිරීම සඳහා කිසිම වැඩපිළිවෙළක් නැති බව ත් ඔහු එම ධුරය දැරීමෙන් කිසිම ආර්ථික ප්‍රගතියක් පෙන්වා නැති බවත් ධම්මික පෙරේරා කීවේය.
රටට මුදල් ගෙනඒම සඳහා මුදල් ඇමතිවරයෙකුට විශාල වගකීමක් පැවරී ඇති නමුත් රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා යටතේ ඒ කිසිවක් ඉටු වී නොමැති බව ධම්මික පෙරේරා පෙන්වා දුන්නේය..
“රටට මුදල් සොය ගැනීමේ හැකියාවක් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට නැති බව මේ වනවිට පැහැදිලි වී තිබෙනවා.
ඒ නිසා තව දුරටත් ඒ ධුරයේ රැඳී සිටීම උචිත නෑ. වහාම ඉල්ලා අස්වෙන්න.“
ඔහු කීවේ එසේය.







