බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගොඩ දී වෙඩි තබා මැරූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ ගේ කතාව!

by editor
අගෝස්තු 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව අද (12) දහවල් වෙඩි තබා ඝාතනය කළේය. ඔහුගේ අන්වර්ථ නාමය වුයේ බානාය . ගමේ ඇත්තෝ ඔහුට “බානා මන්ත්‍රී” කියාත් කීහ. ශාන්තව ඝාතනය වන්නේ මීගොඩ ප්‍රදේශයේ දී ය.

මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී අද දහවල් 1:10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. ඝාතනය සිදුවී සුළු වේලාවකට පසු වෙඩික්කරු සහ මෝටර් රථයේ රියදුරු ඝාතනයට යොදා ගත් ගිනි අවිය ද සමග අත්අඩංගුවට ගත්තේය. එම අත් අඩංගුවට ගැනිම සිදුකරන්නේ තලංගම පොලිසිය විසිනි.

ඝාතනය වූ අයුරු

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටිය දී ශාන්ත මුදුන්කොටුව ඝාතකයින්ගේ ඉලක්කයට ලක් වී තිබිණි. වෙඩි වැදුන ශාන්ත වෙඩි පාර කාගෙන යතුරුපැදියෙන් පැන මර බියෙන් අසල නිවසකට දිව ගොස් තිබිිණි.

නිවසේ සිට ඇත්තේ කාන්තාවකි. ඔහු ඇයට කතා කර තමන්ට වෙඩි වැදී ඇති බවත් හැකි ඉක්මනින් රෝහලකට රැගෙන යන ලෙසත් ඉල්ලා අසල නවතා තිබූ ත්‍රී රෝද රථයකට ගොඩ වන්නට උත්සාහ කර ඇත. ඒ සමගම මේ වෙඩි කෑ මිනිසා බිම ඇද වැටී තිබිනි.

ඔහු සිය ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් හැකි සෑම උත්සාහයක්ම දරන අයුරු අසල සිටි කාන්තාව දුටුවාය. බිම වැටී සිටි මේ වෙඩි කෑ මිනිසා සිය ජංගම දුරකථනයෙන් අයෙකුට ඇමතුමක් ගැනීමට ශාන්ත උත්සාහ කර තිබිණි. නමුත් ඒ උත්සාහය ව්‍යර්ථ වූයේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

අසල්වැසියන්ට විශාල මැදිහත්වීමක් විය හැකි තත්ත්වයක් තිබුණේ නැත. ඔවුන් කළේ වහාම 119 අමතා පොලිසියට සිද්ධිය සැල කිරීමය. පොලිසිය පැමිණ වෙඩි කෑ ශාන්ත මුදුන්කොටුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළේය. එහෙත් බෙහෙවින්ම ප්‍රමාද වැඩිය. ශාන්ත මුදුන්කොටුව ඒ වනවිටත් අවසන් ගමන් ගොස්ය.

වෙඩි තිබ්බේ කවුද?

සිද්ධිය වූ වහාම පොලිසිය ක්ෂණික මාර්ග බාධක දැම්මේය. සැක කටයුතු සෑම වාහනයක්ම පරීක්ෂාවට ලක් කළේය. තලංගම දී සැක කටයුතු සුදු පැහැති මෝටර් රථයක් පරික්ෂා කරන්නේ ඒ අනුවය.

පොලිසිය සාර්ථක විය. ශාන්ත මුදුන්කොටුවගේ ඝාතකයා පැමිණ තිබුණේ මේ මෝටර් රථයෙනි. තවදුරටත් කළ පරීක්ෂාවේ දී මිලි මීටර 9 වර්ගයේ පිස්තෝල ගිනි අවියක් පොලිසිය සොයා ගත්තේය. එහෙත් එන අතර මග දී ඝාතකයා මග දී මෝටර් රථයෙන් බැස ගොස් තිබිණි. රියදුරා සහ කාර් රථය පොලිස් අත් අඩංගුවට පත් වූයේය.

අත්අඩංගුවට පත්වූ රියදුරාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ විය. එම ප්‍රශ්න කිරීමේදී වෙඩික්කරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත. එම තොරතුරු අනුව හඹා ගිය පොලිසිය අද හවස තලංගම පාලම් තුන හන්දිය අසල දි වෙඩික්කරු අත් අඩංගුවට ගත්තේය. ඔහු සමග තවත් පුද්ගලයෙක් ද පොලිස් අත් අඩංගුවට පත් විය.

මේ වෙඩි තැබීම දැනට රටින් පැන ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් මිනීමරුවෙක් වූ ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නැමැත්තාගේ මෙහෙයවීමෙන් සිදුවූ අපරාධයක් බව මේ වනවිට මූලික විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

ශාන්ත මුදුන්කොටුව හෙවත් බානා කවුද ?

ඔහු 45 හැවිරිදිය පුද්ගලයෙකි. පදිංචිය පාදුක්ක, වටරැකය. හෝමාගම ප්‍රදේශිය සභාවේ හිටපු සභිකයෙකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කරමින් ඔහු ප්‍රාදේශීය සභාවේ සභිකත්වය ලබාගෙන තිබිණි. ගමේ ඇත්තන් ඔහුට කීවේ බනා මන්ත්‍රි’ කියාය.

ඔහු ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කර තිබිණි. ඉඩම් සහ ඉදිකිරිම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් ඔහු කරගෙන ගියේය. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඔහු මීට දින කිහිපයකට ඉහතදී මීගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර ඇති බව වාර්තා වෙයි.

බානා මන්ත්‍රීත් හොඳ කැරැට්ටුවක් ඇති අයෙක් නොවේ. ඔහු ලලිත් කන්නංගරගේ නම පාවිච්චි කරමින් විවිධ පුද්ගලයින්ගෙන් කප්පම් ලබාගෙන ඇති බව පොලිසිය කීවේය. එමෙන්ම ඔහු ගගන නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

තමන්ගේ නම විකුණා කප්පම් ගන්නා “බානා මන්ත්‍රී”ට ලලිත් කන්නංගර උත්තර දුන්නා විය හැකිය. කෙසේ වෙතත් අප දකින්නේ නිමාවක් නැති ඝාතනයන්ය. මාලිගාවත්තේ තරුණයින් පස් දෙනාට වෙඩි තබා ඉන් දෙදෙනෙක් ඝාතනය කර තවත් දෙදෙනෙකුගේ ජීවිත දැඩි සත්කාර ඒකකයට භාර දී තවත් දින දෙකක් නැත.

මේ පාතාල කල්ලිවල එළිපිට මරා ගැනීම් අවසන් කළ යුතු කාලය පැමිණ ඇති බව නම් කිව යුතුව ඇත. එය රජයේ සාධනීය පැවැත්මට ද බලපාන බැවිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් පාතාලය ආණ්ඩුව වටේ යවනව ද?

Next Post

දූවිලි අතරින් මතුවනු ඉතිහාස ගත පොලිස්පති….

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.