සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දූවිලි අතරින් මතුවනු ඉතිහාස ගත පොලිස්පති….

by editor
අගෝස්තු 13, 2025
in පුවත්
Priyantha-Weerasooriya
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

“……..මං පොලීසියට ආවෙ  අම්මයි තාත්තයි මගේ ජීවිත ආරක්ෂාව ගැන හිතුව හන්දා. එයාලට ඕන වුනා මම ජීවත් වෙලා ඉන්නවා දකින්න. ඒ දවස්වල අපේ ගම්වල තිබුණ භීෂණකාරී වටපිටාව තුළ තරුණයින්ගේ ජීවිත වලට දැඩි අවදානමක් තිබුණා. මම පොලිස් කොස්තාපල් වරයෙක් විදියට 1988 අවුරුද්දෙ පොලීසියට බැඳුනෙ ඒ නිසා.”

“ඉන්පස්සෙ මම මට මග හැරන අධ්‍යාපනය ආයෙත් පටන් ගත්තා. කොස්තාපල්වරයෙක් විදියට සේවය කරද්දි මම උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස පත්වීමක් ලැබුවා. අනතුරුව සහකාර පොලිස් අධිකාරිවරයකු වන්නටත් පොලිස් අධිකාරීවරයකු වීමටත් මට අවස්ථාව ලැබුණා. මම දැන් ඡ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. ඒත් මෙතැනින් එහා මට ගමනක් නෑ කියල මම හිතනවා. ඒ මට වඩා ජ්‍යෙෂ්ඨයින්  පොලිස් සේවාවේ ඉන්න නිසා. ඒ නිසා මේ හොඳටම ඇති. මං මගේ රැකියාව ගැන හොඳටම තෘප්තිමත්……”

මේ කතාව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කෙරුවේ මැතිවරණ කොමිසමේ ඒ කාලයේ පැවැති රැස්වීමකදීය. එවකට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ගේ ප්‍රධානත්වයෙන් මේ රැස්වීම තිබුණේ එම කොමිසමේ රාජකාරියේ සිටි නිළධාරින් දැනුවත් කිරීම සඳහාය. ඒ දිනවල ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිවරණ කොමිසමේ රාජකාරිවලට අනුයුක්තව සිටියේය.

එදා රැස්වීමේදී මෙතැනින් එහා තමන්ට ගමනක් නැති යැයි පැවසූ ප්‍රියන්ත වීරසූරිය අද මෙරට 37 වෙනි පොලිස්පති වරයා ලෙස වැඩ බාර ගත්තේය. ප්‍රියන්ත වීරසූරියට හිමි වූ මේ අවස්ථාව විවිධ ආකාරයෙන් අරුත් ගැන්විය හැකිය. එය ඔහුගේ වාසනාව ලෙසද කියවිය හැක.

සැබෑවටම මේ රටේ පොලිස්පති ධුරය තමන්ට හිමිවෙතැයි ප්‍රියන්ත වීරසූරියට හීනයකින් පවා නොසිතන්නට ඇත. ඒ ඔහුට වඩා ඒ ධුරයට හිමිකම් තිබූ ඡ්‍යෙෂ්ඨයන් පොලිස් සේවාවේ සිටි බැවිනි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මේ කෙසේ වෙතත් ප්‍රියන්ත වීරසූරිය  පොලිස් දෙපාර්තමේන්තු වේ සැබෑ “බර”උසුලාගන්නට නියම මිනිසා බව අපගේ විශ්වාසයයි. පොලීසියේ රාළහාමිලාගේ බැරැක්කයේ ගඳ සුවඳ ඔහුට අමුතුවෙන් හඳුනා ගන්නට අභ්‍යාස කරන්නට අවශ්‍ය නැත. පොලිස් කොස්තාපල්වරයකු ලෙස 1988 වර්ෂයේ පොලිස් සේවාවට එක්වූ ප්‍රියන්ත වීරසූරිය පොලිස් විශේෂ කාර්ය බලකාය රථවාහන හා අපරාධ අංශවල සේවය කළ අතර 1992 වසරේ උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස උසස් විය.

1993 හා 1998 වසර තුළ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිය හැදෑරූ ඔහු 1999 වසරේදී නීති විද්‍යාලයට ඇතුළත් විය.

1999 වසරේ සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් වූ ප්‍රියන්ත වීරසූරිය පොලීසියේ විවිධ අංශ වල සේවයේ නිරත වූ අතර 2007 වසරේ පොලිස් අධිකාරීවරයකු ලෙස පත්ව නීති හා සැපයුම් අංශවල සේවයේ නිරත වූයේය.

ඉන් අනතුරුව ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයකු ලෙස උසස් වූ ඔහු 2012 වර්ෂයේ සිට 2016 දක්වා සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි කෙරුවේය.

2012 වර්ෂයේ සිට 2015 වර්ෂය තුළ ප්‍රියන්ත වීරසූරිය සර් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ  කළේය. .2016 වසරේ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වූ ඔහු  2020 වසර දක්වා පොලීසියේ  සැපයුම් අංශයේ ප්‍රධානියා ලෙසද 2020 වර්ෂයේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්ව උපාය මාර්ගික, කළමණාකරන, අපරාධ හා රථවාහන අංශ වල සේවය කර තිබිණි.

වැඩ බලන පොලිස්පති වරයා ලෙස පත් වන විට ප්‍රියන්ත වීරසූරිය උතුරු මැද පලාත බාර ඡ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති වරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

හිටපු මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරන ආකාරයට ඔහු යටතේ මැතිවරණ කොමිෂමට අනුයුක්තව සේවය කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විශිෂ්ට හා නිර්මාණශීලී වෘත්තිමය කුසලතාවන්ගෙන් හෙබි නිළධාරියෙකිෙ

“…මැතිවරණ රාජකාරි ගැන ඔහුට අමුතුවෙන් නියෝග හා උපදෙස් දෙන්නට මට අවශ්‍ය වුනේ නැහැ. ඔහු සියල්ල පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් රාජකාරිය කෙරුවා. ඔහු තුළ නවමු අදහස් තිබුණා. ඒ නිසා මැතිවරණ රාජකාරි වලදී ඔහුගේ රාජකාරිමය මැදිහත්වීම  මැතිවරණ කොමිෂමට ඉතා පහසුවක් වුනා…”හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පැවසුවේය.

ෙපසුගිය කාලයේදී පොලීසියේ රාජකාරි පිළිබඳව පුරවැසියන්ට බොහෝ සැක සංකා මතුවෙමින් පැවතුණි. පොලීසියේ විනය කඩා වැටෙමින් තිබේ යැයි චෝදනාද නැගිණි. එහෙත් ප්‍රියන්ත වීරසූරිය වැඩ බලන පොලිස්පති වරයා ලෙස පත්වීමෙන් පසුව අයාලේ යමින් තිබූ පොලීසිය හරි මගට ගත් බව පෙනෙන්නට තිබුණි. සුදුස්සාට සුදුසු තැන ලැබී ඇතැයි සිතෙන්නේ ඒ නිසාය.

විත්ති පැමිණිලි දෙපාර්ශවයටම යුක්තිය ඉටු කරදීමට නීතියෙන් බැඳී සිටින ආයතනය පොලීසියයි. එහෙත් ඒ වගකීම පුරවැසියන් හට තහවුරු කළ යුත්තේද පොලීසිය විසින්මය. පොලීසියේ යුතුකමද එය වන්නේය. පොලීසිය පුරවැසියන් අතර අප්‍රසාදයට පත්වී ඇත්තේ ඇතැම් පොලිස් නිළධාරීන් භාවිතා කරන පහත් අවලස්සන භාෂාව නිසාය.

පුරවැසියන් කෙරෙහි ගෞරවාන්විත බවක් නොදක්වා තඹ දොයිතුවකට නොසැළකීමද තවත් හේතුවකි.සමාජ අර්බුද හමුවේ පොලිස් නිළධාරීන් අතින්ද යම් යම් වැරදි සිදු විය හැකි බව අප අමතක නොකළ යුතුය.

එහෙත් මේ සියල්ල  නිවැරිදි කර ගනිමින් පොලිස් දෙපාර්තමේන්තුව මහජන සුහදශීලී හා මිත්‍රශීලී පොලිස් සේවාවක් බවට පරිවර්තනය කිරීම නව පොලිස්පති  ප්‍රියන්ත වීරසූරිය වෙත පැවරී තිබේ.

නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය  වෙත අපි සුබ පතමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මීගොඩ දී වෙඩි තබා මැරූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ ගේ කතාව!

Next Post

DBL අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.