හොරණ, මිල්ලෑව ප්‍රදේශයේ ඉදිකෙරෙන ඖෂධ කලාපයේ නාමය ‘එස් පී එම් සී ලෝටස් ඖෂධ ව්‍යාපෘතිය’ (SPMC Lotus Pharma Project) ලෙස නම් කෙරේ.
ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝග්‍ය උපදේශක ආයතනයක් තෝරා ගැනීමටත්, අභිලාෂය පළ කිරීම් කැඳවා විකලාංග හා ස්නායු ශල්‍ය උපකරණ, පිළිකානාශක ඖෂධ සහ මුඛ මාර්ගයෙන් ලබා දෙන සාමාන්‍ය ඖෂධ නිපදවීම සඳහා කර්මාන්තශාලා 03ක් කඩිනමින් ස්ථාපිත කිරීමට අදාළව පියවර ගැනීම සඳහාත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
හොරණ, මිල්ලෑව ප්‍රදේශයේ ඖෂධ කලාපයක් ස්ථාපනය කිරීම සඳහා 2021 මාර්තු මස 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අක්කර 65ක ඉඩම් කොටසක් වෙන් කර දීමටත්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු මෙහෙයවීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත්, 2021 අගෝස්තු මස 02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.
ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පත් කරනු ලැබ ඇති මෙහෙයුම් කමිටුවේ නිර්දේශ පරිදි මෙම පියවර ගෙන ඇත.
Discussion about this post