සූරියවැව – නුවන් ජයසේකර –
ඊයේ (18) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතය සමග පොරබදමින් සිටි 09 හැවිරිදි දරුවා ද මීට පැය කීපයකට පෙර මිය ගොස් තිබේ.
ඇඹිලිපිටිය රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කළ පසු කරාපිටිය රෝහලේ දී මේ 09 හැවිරිදි දරුවා මියගොස් ඇත.
ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයට ලක් වූ අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා සහ ඔහුගේ 6 හැවිරිදි සිඟිති දියණියත් 09 හැවිරිදි පුතාත් දැන් මිය ගොස් ඇත.
අරුණ විදානගම සිය මරණයට පෙර රාජපක්ෂ සමූහය තමන්ව ඝාතනය කිරීමට සැලසුම්කර ඇතැයි ද මේ වනවිට තමන් ඉන්නේ සැඟවී යැයි ද ප්‍රකාශ කළේය. එමෙන්ම රාජපක්ෂ ඥාතියෙක් වූ කපිල දිසානායක නැමැත්තෙක් තමන් ඝාතනය සඳහා බන්ධනාගාරයට ගොස් පාතාල අපරාධකරුවෙකුට ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දුන් ආකාරයත් ඔහු හෙළි කළේය.
මේ ඝාතනය යට ඉන්නේ කවරෙක්දැයි විමර්ශනය කරන බව අද නියෝජ්‍ය අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවට තහවුරු කළේය.
පොලිසිය කීවේ ඝාතකයින් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවය.







