අරුණ විදානගමගේ හෙවත් මිද්දෙණියේ කජ්ජා ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත් අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
“මිද්දෙනියේ අරුණ ප්‍රියන්ත ගමගේ මහතාගේ සහ ඔහුගේ දරුවන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් ඝාතකයින් අත් අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා මීට පැයකට පමණ පෙර. ඒ අනුව තිදෙනෙක් මේ වනවිට අත් අඩංගුවට අරගෙන තියනවා.
ජීවන් ප්‍රසාද් කුමාර, ප්‍රභාත් තුෂාර, සහ මේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කරලා පොලිස් කොස්තාපල් 82493 අයි. එල් ජනක ප්‍රසාද් මීට ස්වල්ප මොහොතකට පෙර අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හින්දා මම මේ සභාවට කියන්න කැමතියි යම් සිද්ධියක් වුනොත් ඒ පිළිබඳව අපි වහාම පරීක්ෂණ පවත්වලා ඒ සියලුම දෙනා නීතියේ රැහැනට කොටු කරගැනීමට අවශ්‍ය සියලු පියවර අරන් තියනවා.
මහජන ආරක්ෂක ඇමතිවරයා පැවසුවේය.







