එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිසක් මැයි මාසයේදී චීනයට පැමිණෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැෂලේ අනාවරණය කර තිබේ.
2005 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිත පිරිසක් චීනයට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන අතර මෙහිදී චීන රාජ්‍ය නිලධාරීන් සමඟ කෙරෙන සාකච්ඡා මෙන්ම බටහිර ෂින්ජියැන්ග් ප්‍රදේශයේ සංචාරයක් ද ඇතුළත් වන බව සදහන් වේ.
මෙම සංචාරයේ දී බැෂලේ, සිවිල් සමාජ ඇතුළු විවිධ ක්‍රියාකාරීන් රැසක් හමුවීමට ද නියමිත බව පැවසේ.
මිලියනයකට අධික මුස්ලිම් උයිගර් සහ අනෙකුත් සුළු ජාතීන් නැවත අධ්‍යාපනය ලබා දීමේ නාමයෙන් කඳවුරු තුළ සිරකිරීම හා කඳවුරුවල සිටින පුද්ගලයින් වධහිංසාවට, වන්ධ්‍යාකරණයට, බලහත්කාරයෙන් වැඩ කිරීමට සහ ඉගැන්වීමට ලක් කිරීම පිළිබඳ මහ කොමසාරිස්වරිය මීට පෙර අවස්ථා ගණනාවක දී සිය කණස්සල්ල පළකර තිබිණ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය පසුගිය වසර තුනක කාලය තුළ ෂින්ජියැන්ග් හි හි සංචාරයක් සංවිධානය කිරීමට උත්සාහ ගත්තද චීන බලධාරීන් ඒ සදහා අවසර ලබා දුන්නෙ නැත.
පසුගියදා මෙම සංචාරය සදහා අවසර ලබාදෙමින් චීන බලධාරීන් සදහන් කර ඇත්තේ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ඇයට පැමිණීමට අවසර දෙන නමුත් එය කිසිසේත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නොවිය යුතු බවයි.
Discussion about this post