ශ්‍රියානි විජේසිංහ –
මැලේරියා මර්දනය කළ ආකාරයට ඩෙංගු මර්දනය කිරීම කෙරහි ඩෙංගු මර්දන අනුකමිටුවේ අවධානය යොමුව ඇත.
මැලේරියා මදුරුවා ශ්‍රී ලංකාවේ සිටියත් මැලේරියා පරපෝෂිතයා විනාශ කර ඇති නිසා මැලේරියා රෝගීන් මෙරටින් වාර්තා නොවන බැවින් ඩෙංගු රෝගයේදී මදුරුවා මර්දනය කිරීම කෙරෙහි යොදන අවධානය වඩා වැඩි අවධානයක් ඩෙංගු වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමෙන් සාර්ථක ප්‍රතිපල ලබා ගත හැකි බව ඩෙංගු මර්දන අනුකමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සඳහන් කළාය.
මේ අනුව ඩෙංගු වයිරස ව්‍යාප්තිය ශුන්‍ය කිරීම සඳහා ඩෙංගු රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල්වල ඩෙංගු වාට්ටු අනෙකුත් වාට්ටුවලින් වෙන්කර එම රෝගීන්ට මදුරු නෙට් ලබා දීම, මදුරු විකර්ශන ආලේපනයන් හඳුන්වාදී වැනි ක්‍රම මගින් රෝගියාට ශරීර ගතව තිබෙන ඩෙංගු වයිරසය මදුරුවාගේ සිරුරට ඇතුළු නොවීමේ ක්‍රමවේදයක් වහ වහා සකස් කළ යුතු බව ඇය සදහන් කරයි.
මේ අනුව ඩෙංගු මදුරුවා බෝවන ස්ථානයන් විනාශ කර මදුරුවාට බෝවීමට තිබෙන ඉඩකට අහුරන අතරම ඩෙංගු වයිරස ව්‍යාප්තිය ද අවම කරලීමේ වැඩපිළිවෙල බස්නාහිර පළාතෙන් ආරම්බ කිරීමට ඊයේ (14) පැවති අනුකමිටු රැස්වීමේ සදහන් කර ඇත.







