මැදිරිගිරිය ප්රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් මිරිස්හේන ධීවර ගම්මාන ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කාන්තාවගේ අනියම් සැමියා සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි. පොලිසිය පවසන්නේ සිය නිවස ඉදිරිපිට පිහිටි තම මවගේ නිවසට ගොස් යළි නිවසට එමින් සිටියදී මෙම කාන්තාවට සැඟවී සිටි සැකකරු මෙම වෙඩි ප්රහාරය එල්ලකර ඇති බවය
වෙඩි ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මේ වනවිට මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි සිතන සැකකරු ප්රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මැදිරිගිරිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.







