අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිල නිවස තුළ සිය දිවි හානිකරගත් වෛද්‍යවරයා අධි සාන්ද්‍රණයෙන් ඉන්සියුලින් එන්නත් කරගත්තේ දැයි සැකයක්…

by editor
ජූනි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගයාන් කුමාර විරසිංහ –

සිය නිල නිවෙසේ ඇඳක් මත අභිරහස් ලෙස මිය ගොස් සිටි තඹුත්තේගම රෝහලේ වෛද්‍ය අමිල සඳකැලුම් දිසානායක සියදිවි හානි කරගැනීමට ඉන්සියුලින් එන්නත් කරගත්තේ යැයි සැක කරන එන්නත් කටු නිල නිවෙස පිටුපස පුලුස්සා දමා තිබියදී තඹුත්තේගම පොලීසියට හමු වී ඇත.

එම එන්නත් කටු අඩක් පිලිස්සී තිබියදී හමු වී ඇති අතර, ඒවා අධිකරණ නියෝගයකින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

තඹුත්තේගම රෝහලේ සේවයේ නිරතව සිටි මේ වෛද්‍යවරයා සිය බිරියගෙන් වෙන්ව ජීවත්ව ඇති බවද විමර්ශනවලදී පෙනී ගොස් ඇති අතර, පසුගිය ජනවාරි 13 දායින් පසු දෙදෙනා අතර කිසිදු අදහස් හුවමාරුවක්ද සිදුව නැති බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

වෛද්‍යවරයාගේ මරණය බිරියට දැනුම් දීමෙන් පසු ඇයත්, වෛද්‍යවරයාගේ සහෝදරයකුත් පැමිණ මළ සිරුර හඳුනාගෙන මරණ පරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ වූ බව පොලිසිය කියයි.

මළ සිරුර අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය ඊ.ජී.යූ.එන්.යූ. ගුණරත්න   විසින් පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කර ඇත්තේ අනතුරුවය. පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (14) පැවැත්වීමෙන් අනතුරුව ඇය දී ඇත්තේ විවෘත තීන්දුවකි. සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වෛද්‍යවරයාගේ සිරුර තඹුත්තේගම මහේස්ත්‍රාත් විසින් පෙරේදා (14) භාර දී ඇත්තේ ඔහුගේ බිරිය වන කුරුණෑගල රෝහලේ දන්ත වෛද්‍යවරියක වන මල්කාන්ති මැණිකේ දිසානායක  වෙතය.

එහිදී අධිකරණය සිරුර නාරම්මල වෙන්නෝරුව පොදු සුසාන භූමියේ භූමදානය කළ යුතු බවටත්, එම ස්ථානය සලකුණු තබා භූමදාන කළ යුතු බවටත් නියෝග කර ඇත.

සියදිවි හානි කරගෙන සිටි මේ වෛද්‍යවරයාගේ සිරුර හමු වී ඇත්තේ දින 3ක් තිස්සේ සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඒ ගැන රෝහල් සේවකයන් කළ සොයා බැලීමකදීය.

දිනමිණ –

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැදිරිගියේ දී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි!

Next Post

පේරාදෙණිය – ජයවර්ධනපුර සරසවිවල සිසුන් දෙදෙනෙක් සියදිවි හානි කරගෙන

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.