සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මැදමුලනේ දඩ බල්ලා” හෙවත් ජුලම්පිටිය අමරේ ගේ කතාව!

by editor
ඔක්තෝබර් 7, 2025 - Updated on ඔක්තෝබර් 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

මිනිස් ඝාතනයකට වරදකරු වී තංගල්ල මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය පනවා තිබූ ජී.ජී.අමරසිරි  නොහොත් ජූලම්පිටියේ අමරේ නැමැත්තාගේ මරණ දඬුවම අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුුුරු කරන ලද අතර ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක්ද සිල්වා සම්පත් විජේරත්න හා සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දෙන ලදී.

2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ අපරාදමය වරදට ජූලම්පිටියේ අමරේ ඇතුළු විත්තිකරුවන් කිහිප දෙනෙකුට එරෙහිව තංගල්ල මහාධිකරණයේ හමුවේ පවරා තිබූ නඩුව විභාග කිරීමෙන් අනතුරුව 2019 වර්ෂයේදී ඔහුට මරණීය දණ්ඩනය නියම කෙරිණි.

මරණීය දණ්ඩනය හිමි වූ ජූලම්පටිය අමරේ එම මරණ දඬුවමට එරෙහිව තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස  ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්  ඉදිරිපත් කර තිබුණි.

තංගල්ල මහාධිකරණය මගින් ජූලම්පිටිය අමරේ වෙත පනවා තිබූ මරණීය දණඩනයට එරෙහිව මීට පෙර අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලද නමුත් 2024 නොවැම්බර් 20 වන දින අභියාචනාධිකරණයද එම මරණ දඬුවම තහවුරු කරන ලදී.එහිදී ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධයෙන් කරුණු විමසා බලන ලද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුවේ සදහන් කර තිබුණේ මහාධිකරණ විසින් විත්තිකාර අභියාචකට ලබා දී තිබූ මරණීය දණ්ඩනය නිවැරදි කිරීමට තරම් හේතුවක් නැති බවය.

අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කිරීමකින් තොරව නිශ්ප්‍රභා කර ඔහුට ලබා දී තිබූ මරණ දඬුවම තහවුරු කෙරුවේ එම අභියාචනාකරණ තීන්දුවට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයයි.

RelatedPosts

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජී.ජී.අමරසිරි නොහොත් ජූලම්පිටිය  අමරේ යනු  රාජපක්ෂලා විසින් සිය බල ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා   ඇති දැඩි කරන ලද පාතාල  බලකායේ  සාමාජිකයකු වූ එක මෙලෙච්ඡයෙකි. මොහු 2012.06.15 වන දින මිද්දෙණිය පොලිස් වසමේ කටුවන හැඩිවත්තේ ජවිපේ ක්‍රියාකාරිකයකුගේ නිවසක පැවැති රැස්වීමකට කඩා වැදී ටී පනස් හය වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියකින් එහි සිටි අයවළුන් එල්ල කර ගනිමින් හතර අතේ වෙඩි තැබුවේය. මේ වෙඩි තැබීමෙන් එදිරිමාන්නලාගේ මාලනී යන පනස් හැවිරිදි කාන්තාව හා ජයසේන පතිරණගේ නිමන්ත හේෂාන් නැමති දහ අට හැවිරිදි තරුණයාත් එම ස්ථානයේම මිය ගියේය.

යතුරු පැදි පහකින් එම ස්ථානයට පැමිණි ජූලම්පිටියේ අමරේ ඇතුළු මැර කණ්ඩායම ජවිපෙ රැස්‍වීමට වෙඩි තබා රැස්වීමේ සිටි පිරිසට පොලු වලින් පහර දී තිබුණි. අමරේගේ අපරාධ ක්‍රියා අනාවරණය කරමින් “මැදමුලනින් කිරි පොවන දඩ බල්ලා” යනුවෙන් ලිපියක් ඒ දිනවල ලංකා පුවත්පතේ පල කිරීම මෙම ප්‍රහාරයට හේතු වූ බව පැවැසේ. ලංකා පුවත්පතට එම තොරතුරු  ලබා දුන්නේ යැයි සැක කර අමරේ විසින්  ජූලම්පිටිය පදිංචි කරුවන් කිහිප දෙනෙකුගේම අත පය කඩා දමා වද හිංසා පමුණුවා තිබුණි. කෙසේ වෙතත් මෙම මිනිස් ඝාතනයන් සම්බන්ධයෙන් අමරේ අත් අඩංගුවට ගැනීමට පොලීසිය උනන්දුවක් නොදැක්වූ බවද දැන ගැන්මට තිබේ. පසුව අමරේ තංගල්ල අධිකරණයට බාර විය.

මිනී මැරුම් 24යි…

ඒ වන විටත් ජූලම්පිටියේ අමරේ පුද්ගල ඝාතන 24 ක් මංකොල්ල කෑම් 15 ක් ගෙවල් ගිනි තැබීම් 20 ක්‍ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණ අපරාධකරුවෙකි. එම පුද්ගල ඝාතන 24 න් 08 ක්ම ජූලම්පිටිය ගම්වාසීන්ය. ඒ දිනවල ජූලම්‍පිටිය අමරේ ටී පනස් හය කරේ එල්ලා ගෙන මිද්දෙණිය, මුරුතවෙල, වීරකැටිය, කටුවන , ජූලම්පිටිය ප්‍රදේශවල සැරි සැරුවේ පොළොන්නරුවේ පොඩි විජේ මෙන් බව එහි ප්‍රදේශ වාසීහු තවමත් සිහිපත් කරති.

ජූලම්පටිය අමරේගේ පියා හීන් කොරටුවේ කළු මහත්තයාය. ඔහු ධීවර    අමාත්‍යාංශයේ  රියදුරෙක් ලෙස සේවය කළ බව පැවසේ. අමරේගේ මව ගාල්ලේ තැනැත්තියකි.මේ දෙදෙනාම දැන් ජීවතුන් අතර නැත. මොහු අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වී ඇත්තේ වයස අවු 18 දීය. අමරේ පළමුවෙන්ම රස්සාවක් කෙරුවේ නිරූපමා රාජපක්ෂට අයත් කොන්දගල බංගලාවේ මුරකරුවකු ලෙසය. ඔහු අපරාධ කාරයකු ලෙස වැඩ අරඹන්නේ නිරූපමා රාජපක්ෂගේ දේශපාලන රැකවරණය තුළය. අනතුරුව ඔහු හම්බන්තොට නිල් බලකායේ  ඉදිරි පෙළ සාමාජිකයකු ලෙස රාජපක්ෂලාගේ   දේශපාලනය වෙනුවෙන් පෙනී සිට ඇත. රාජපක්ෂ යුගයේ පැවති  බොහෝ  මැතිවරණවලදී නාමල් රාජපක්ෂට ආරක්ෂාව ලබා දී ඇත්තේ මේ පෝරිසාදයාය.

ො1989 වර්ෂයේදී ජවිපෙ සාමාජිකයකු බවට සැක කර අමරේ අත් අඩංගුවට ගෙන පසුව මුදා හැර තිබේ. හමුදාවෙන් තමාට වද හිංසා කළ නිසා අමරේ ජවිපෙ සමග වෛර බැඳ ගත් බව පැවසේ. ඔහු සිදු කරන ලද ඝාතනයන් පහරදීම් හා ගෙවල් ගිනි තැබීම්වල බොහෝ වින්දිතයන් ජනතා විමුක්ති පෙරමුණේ සමීපතමයන් විය. අමරේ ජීවත් වූයේ මැද මුලනට යාබද ගමකය. ඒ දිනවල ජූලම්පිටිය ගම්වාසීන් ජීවත් වී ඇත්තේ ඔහුගේ අණසක යටතේය. අමරේගේ සාහසික අපරාධ වැඩ ගැන රාජපක්ෂ පවුලට පැමිණිලි කළ විට ඔවුන් ඒ පිළිබඳව කිසිදු අවධානයක් නොදැක්වූ බව ප්‍රදේශවාසීන් පවසයි.

අමරේ… මම ඇවිත් ඉන්නේ …

අමරේ තංගල්ල බන්ධනාගාරයේ රඳවා  සිටියදී  2022 ජුලි 02 වනදා ඔහුගේ ප්‍රධානත්වයෙන් සිරකරුවන් බන්ධනාගාරය තුළ කැරැල්ලක් ගැසුවේය. ඒ බන්ධනාගාරයේ    නිලධාරීන් ප්‍රාණ  ඇපයට ගනිමිනි.එම කැරැල්ලට මිනීමැරුම් හා මංකොල්ල කෑම් සම්බන්ධයෙන් චෝදනා ලබා  සැක පිිට බන්ධනාගාර ගත කර සිටි අපරාධකරුවන් 18 දෙනෙක් සම්බන්ධවී සිටියහ.

මෙම පිරිස බන්ධනාගාර නිළධාරීන්ට පහරදී එහි අවි ගබඩාව කඩා එහි තිබූ  ගිනි අවි බෝම්බ හා ජීව උණ්ඩ පැහැර ගැනීමෙන් අනතුරුව බන්ධනාගාර නිළධාරීන් 10 දෙනෙකු අත් අඩංගුවට ගෙන මාංචු දමා ඔවුන් බන්ධනාගාරයට ප්‍රවේශවන ප්‍රධාන දොරටුව අබියස මූනින් දිගා කර ඇත.

මේ සිද්ධිය සැළ වීමත් සමගම තංගල්ල පොලිස් කොට්ඨාසයේ පොලිස් නිළධාරීන් බන්ධනාගාරය වැටලීමේදී සිරකරුවන් බන්ධනාගාරය තුළ සිට පොලීසියට වෙඩි තැබීම නිසා තංගල්ල පොලීසියේ උප පොලිස් පරීක්ෂක වරයෙකුට වෙඩි වැදී තිබේ.ඒ වන විටත් බන්ධනාගාරය තුළ නිළධාරීන් හා රැඳවියන් 437 දෙනෙකු සිටි බව වාර්තා වී ඇත.

කෙසේ වෙතත් බන්ධනාගාරය තුළ උද්ගත වී ඇති එම තත්ත්වය සම්‍බන්ධයෙන්  කැරළිකරුවන් හා සාකච්ඡා කිරීමට එවකට අභ්‍යන්තර කටයුතු ඇමති ජෝන් අමරතුංග ,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පැමිණ තිබේ.

එහෙත් කැරලිකරුවන් සාකච්ඡාවකට එකඟ වී නැති අතර කැරැල්ලේ නායකයා වූ ජූලම්පිටියේ අමරේ පවසා ඇත්තේ මහින්ද මහත්තයා එනවා නම් තමන් හා පිරිස සාකච්ඡාවට සූදානම් බවය. එහෙත්  මහින්ද මහත්තයාගේ මුහුණ දකින තුරු සාකච්ඡාවට නොපැමිණෙන බවද මෙහිදී අමරේ පවසා ඇත.

අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව අසලට ගොස් “අමරේ අමරේ මේ මම ඇවිල්ල ඉන්නෙ.බය නැතුව සාකච්ඡාවට එන්න” යැයි කෑගසා පවසා තිබේ. අමරේ ඇතූළු කැරළිකාරයන් බලධරයන් සමග සාකච්ඡා කර එම ප්‍රශ්නය නිරාකරණය කර ගෙන ඇත්තේ ඉන් පසුවය.

මහින්ද රාජපක්ෂ ඇති දැඩි කළ සාහසික අපරාධකාරයා ගේ පැටිකිරිය එහෙමය.

එම සිද්ධියෙන් තහවුරු වන්නේද ජූලම්පිටියේ අමරේ හසුරවන ලද්දේ රාජපක්ෂවරුන් බවය.කෙසේ වෙතත් එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එම ස්ථානයට යන්නේ කමාන්ඩෝ ප්‍රහාරයකින් බන්ධනාගාරය තුළ රඳවා ගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමට සැළසුමක්  සකස් වෙමින් තිබියදීය.එවැනි ප්‍රහාරයක් දියත් වුව හොත් තමා ගේ අපරාධකාර සුරතලා ගේ ජීවිතය අහිමි වීමට ඉඩ ඇතැයි ඇතැම් විට මහින්ද රාජපක්ෂ කල්පනා කෙරුවා වෙන්නටත් පුළුවන.

අද දින ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළ මරණ දඬුවම නිසා නිදහස් වන දින කාල වකවානුවක් ගැන අදහසක් නොමැතිව      ජූුලම්පිටිය අමරේට වැලිකඩ සිර බතේ රස විඳින්නට සිදු වෙන බව නම් නිසැකය.පහු ගිය ආණ්ඩු කාලයේ අමරේ බන්ධනාගාරය තුළ ජීවත් වූයේ රාජපක්ෂලාගේ කෙරුම්කාර කම් පෙන්වමින් බව බන්ධනාගාර ආරංචි මාර්ග වලින් පැවසේ. බන්ධනාගාර නිළධාරීන්ද අමරේ ඉදිරියේ ඒ දිනවල නිවටව සිටි බව දැන ගැන්මට තිබේ. එහෙත් ජාජබ ආණ්ඩුව බලයට පත් වු දා සිට ජූලම්පිටිය අමරේ බන්ධනාගාරය තුළ අවලංගු කාසියක් බවට පත් වී හමාරය.

කෙසේ වෙතත් ජූලම්පිටිය අමරේගේ කෙරුවාවේ අවසානය හා ගැලපෙන හොඳම උදාහරණයක් ලෙස ලියන්නට ඇත්තේ බුදුන් වහන්සේ  දේශනා කරන ලද මේ ගාථාවයි.

යාදිසං වපතේ බීජං
තාදිසං හරතේ ඵලං
කල්‍යාණකාරී කල්‍යාණං
පාපාකාරීච පාපකං

යම් සේ අප බීජ වපුරන්නේද ඒ අනුව අපට අස්වනු නෙළා ගැනීමට හැකිවන්නේය. කුසල් කරන්නවුන්ට යහපත් වූද අකුසල් කරන්නවුන්ට අයහපත් වූද විපාක විඳීමට සිදුවේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හුංගම ද්විත්ව ඝාතනයේ සැකකරු “අදුපැලෑන බිංදු” ඇතුළු සිවු දෙනෙක් අත් අඩංගුවට….

Next Post

මොණරාගල ගුරු වරයාට පහරදුන් සිසුවාට  මදන මෝදක ගුලි වික්ක ව්‍යාපාරිකයින්  දෙදෙනෙක් ගුලි 8086ක් සමග අත්අඩංගුවට…

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.