සූරියවැව නුවන් ජයසේකර –
පසුගිය දිනක ගුරුවරයකුට පහර දුන් මොණරාගල ප්‍රසිද්ධ පාසලක සිසුවා දීර්ඝ කාලයක් මදනමෝදක ගුලි කෑමට ඇබ්බැහි වී සිට ඇති බවත් ඒ ඔස්සේ කළ විමර්ශනවලින් පසු සිසුවාට මදන මෝදක ගුලි විකිණූ කෝටිපති ව්‍යාපාරිකයින් දෙදෙනෙක් ගංජා මිශ්‍ර මදනමෝදග ගුලි 8086ක් සමග අත් අඩංගුවට ගත් බවත් මොනරාගල පොලිසිය පවසයි.
අදාල සිසුවා පිළිබඳව කළ විමර්ශනවලදී ලත් තොරතුරු මත මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් මොණරාගල ප්‍රදේශයේම පදිංචි 52 හා 54 වයස්වල පසුවන්නන්ය.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පාසැල් දරුවන් හා තරුණයන් ඉලක්ක කර කාලාන්තරයක සිට මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ.
වැඩිදුර විමර්ශන මොණරාගල පොලිස් ස්ථානාධිපති ගේ මුලිකත්වයෙන් සිදු කරන අතර සැක කරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.







