සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස ගාණක් ලංකාවේ නිවාඩුවේ ඉන්න ආපු යුක්රේන වැසියන් ගැන උදයංග වීරතුංග කියන කතාව!

by editor
පෙබරවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • යුක්රේන වැසියන් හාර දහසක් පමණ මේ වනවිට ශ්‍රි ලංකාවේ

  • බහුතරයක් ඉන්නේ ශීත කාලයම මෙහේ ගත කරන අය

  • ඔවුන්ගේ වියදම්වලින් වැඩි කොටසක් යන්නේ සුළු සහ කුඩා පරිමාන ව්‍යාපාර කරන අයට

  • ඔවුන්ගේ මානසිකත්වය තේරුම් ගන්න… පුළුවන් තරම් හොඳින් සලකන්න…

මාස දෙක තුනක පමණ කාලයක දිගු කාලීන නිවාඩු සඳහා යුක්රේන සංචාරකයන් තුන් දහසකට ආසන්න පිරිසක් මේ වනවිට ශ්‍රි  ලංකාව තුළට පැමිණ සිටින බවත් ඔවුන් ගෙන් බොහෝ දෙනකුට යුද්ධය හේතුවෙන් තම නිවාස දේපළවලට හානි සිදුව ඇති බවත් රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග  පවසයි.

තමන් මේ දිනවල ඔවුන් සමඟ සමීපව සම්බන්ධ වන බවත් ඔවුන් තම නිවාස දේපළ ඥාතීන්, අසල්වැසියන්ට සිදුවූ විපත් පිළිබඳව එරටින් එවන ඡායාරූප තමාටද පෙන්වමින් කම්පනයකින් යුතුව පසුවන බවත් උදයංග වීරතුංග  තවදුරටත් සඳහන් කළේ ලංකාසර කළ විමසුමකදීය.

ඔහු මෙහිදී සඳහන් කළේ දැනට හාර දහසකට වැඩි යුක්රේන සංචාරකයන් පිරිසක් ශ්‍රි ලංකාව තුළ ගත කරන අතර ඔවුන්ගෙන් දහසකට ආසන්න පිරිසක් තම නිවාඩුව අවසන් කර ආපසු යුක්රේනය බලා යාමට සැලසුම් කර සිටියදී එරට මෙම යුදමය තත්ත්වය නිර්මාණය වූ බවය.

මෙම පිරිසෙන්ද කොටසක් තමන්ට ආපසු යාමට හැකියාව ලැබෙන තුරු මෙරට තුළ රැඳි සිටිනු ඇති බවත් ඉක්මනින් යාමට අවශ්‍ය පුද්ගලයන් පෝලන්තය හෝ රුමේනියාව හරහා යුක්රේනය වෙත යැවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඔහු පෙනවා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී ලංකාසර කළ විමසීමේදී තවදුරටත් අදහස් දැක්වූ උදයංග වීරතුංග මෙසේ පැවසීය.

“ පසුගිය කාලය තුළ යුක්රේනයෙන් විශාල සංචාරක පිරිසක් පැමිණියා. කොවිඩ් වසංගයෙන් පසුව මෙරටට  පැමිණි සංචාරකයන්ගෙන් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් යුක්රේන සහ රුසියානු සංචාරකයන්. මේ අතරින් දැඩි අවධානයක් යොමුවෙලා තිබෙන යුකරේනයෙන් පැමිණි සංචාරකයන් හාර දහසක් පමණ මේ රට තුළ දැනට සිටිනවා. ඔවුන් බහුතරය ශීත සෘතුව අවසන් වන තුරු ශ්‍රි ලංකාව තුළ රැඳී සිටීමට පූර්ව සැලසුම් සහිතව පැමිණි අය.

ඔවුන් ඇත්තට තම  නිවාඩුව ගත කරන්නේ  ලොකු ලොකු හෝටල්වල විතරක් නෙවෙයි. පොඩි හෝටල්, සංචාරක නිවාස වගේ තැන්වල ඔවුන් ගත කරනවා. ඔවුන් ගමේ අහාර ගන්නවා. තැඹිලි ගෙඩියක් පලතුරු ටිකක් ගන්නවා. එයින් ලොකු සමාගම්වලට වඩා ගමට පොඩි ප්‍රමාණයකින් හෝ ආදායමක් ගේන අය. ඉදිරියේදී අපට ඔවුන්ගේ පැමිණීම් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා.  මේවනවිට  පැමිණ සිටින අය සම්බන්ධයෙන් රජයත් පෞද්ගලිකව මමත් සොයා බලනවා.“

“ඔබ මේ කතා කරන මෙහොතේත් මම ඉන්නේ යුක්රේන සංචාරකයන් රැඳි සිටින හෝටලයක. ඔවුන් කිහිප දෙනෙක්ම මට පෙන්නුවා තම ගම්බිම්වල උදවිය එවපු ඡායාරූප . සමහර අයගේ නිවාස විනාශ වෙලා. දේපළ විනාශ වෙලා. ඔවුන් හැදී වැඩුණු දෙමාපියන් හිටිය ගම්වල, ළඟම ඥාතීන් සිටි තැන්වල ප්‍රහාර එල්ලවෙලා. සමහර සමීපතයින් ගැන තොරතුරක් නෑ. එවැනි තත්ත්වයකයි ඔවුන් සිටින්නේ. එය ඔවුන්ට දැරා ගැනීමට අපහසු තරම් වේදනාකාරී අත්දැකීමක්.“

අප ඔවුන්ට   හැකි උපරිම සත්කාර කළ යුතුයි. ඔවුන්ගේ මානසික තත්ත්වය වටහා ගත යුතුයි. මේ බොහෝ අයට ආර්ථික ප්‍රශ්න නෑ. ඔවුන් සංචාරය සැලසුම් කරල ඇවිත් ඉන්නේ. නමුත් තමන් ගේ සැලසුම් කළ සංචාරය අවසන් කළ අය සම්බන්ධයෙන් අපට විශේෂයෙන් සොයා බැලිය යුතුව තිබෙනවා. ඔවුන් ශ්‍රි ලංකාවේ රැඳී සිටින කාලය තුළ ආරක්ෂිතව සිටීමට කාමරයක් ලබා දීම, ඔවුන්ට අවශ්‍ය වෙනත් පහසුකම් ඔවුන් යන තෙක් ලබා දීමට සම්බන්ධයෙන් අප කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යංශයත් සංචාරක සංවර්ධන අධිකාරියත් ආදළ කටයුතු කරනවා. ඔවුන් හැකි ඉක්මනින් පෝලන්තය හෝ රුමේනියාව හරහා ආපසු යැවීමට අවශ්‍ය පියවර අප ගනිමින් සිටිනවා.“

“විශේෂයෙන් ගල්ෆ් කලාපීය ගුවන් සේවා ආයතන දෙකක් සමග අප මේ ගැන සාකච්ඡා කරමින්  අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වනවා. රජය මෙම සංචාරකයන් පිළිබඳව ගන්නා පියවර පිළිබඳව හෙට සඳුදා දිනයේදී තීරණයක් ගනිවි “ යයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ ආර්ථික තුවාලයේ අතුල්ලන බීජිං ලුණු!

Next Post

ආයෙත් කුජීතයි… තරගාවලියම පරාදයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.