සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයෙත් කුජීතයි… තරගාවලියම පරාදයි…

by editor
පෙබරවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තරගාවලියම පරාදය. ලජ්ජා සහගත ලෙස පරාදය. පන්දු 19ක් ඉතිරිව තිබිය දී ඉන්දියාව ඉතාම පහසුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 146 ඉලක්කය ඉක්මවා ගියේය.

ඉන්දියාවට කඩුළු 06ක ජයකි.

ඔවුන් මෙම තරගාවලිය ක්‍රීඩා කළේ ඉතාම පහසුවෙනි. ළදරුවන් සමග ක්‍රීඩා කරන්නාක් මෙනි. කිසිම අවස්ථාවක තරග පීඩනයක් එල්ල කිරීමට තබා එවැනි මානයක් ස්ඵර්ශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුනේ නැත.

ෂ්‍රෙයාස් ලියර් යළිත් ශ්‍රී ලංකා පන්දු යවන්නනට හොඳටෝම පහර දුන්නේය. පන්දු 45ක දී ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 73කි. රවීන්ද්‍ර ජඩේජා පන්දු 15ක දී ලකුණු 22ක් ලබා ගත්තේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සංජු සැම්සන් ලකුණු 18කටත්, රෝහිත් ෂර්මා ලකුණු 15කටත් දැවී ගිය විට ඉනිමේ එක් අන්තයක් ෂ්‍රෙයා ලියර් සිය අතට ගෙන ජයග්‍රහණය කරා කණ්ඩායම ගෙන ගිය සුව පහසු ආකාරය ඉන්දීය ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කළේය.

පන්දු 19ක් ඉතිරි විය. 147ක ඉලක්කය ඉතාම පහසුවෙන් පසු කළේය.

ජේත්තුකාර රඟපෑම් කරන නළුවන් නොව රටට අවශ්‍ය දක්ෂ පන්දු යවන්නන් බව යළිත් වරක් තහවුරු  වුනේය. බිනුර ප්‍රනාන්දුගේ කිසිම එල්ලයක්   නැති ඔහේ යවන පන්දු ඉන්දියානු පිතිකරුවන් කුල්මත් කළ ආකාරය පෙනුනි. ඔහු පන්දු ඕවර 4 යවා ලකුණු 35ක් ලබා දුන්නේය.

කරුමය වන්නේ හොඳම පන්දු යැවීම වාර්තා කළ දුෂ්මන්ත චමීරට පන්දු ඕවර 4 යවා ගන්නට බැරි වීමය. ඔහු පන්දු ඕවර 03ක් යවා ලකුණු 19කට කඩුල්ලක් දවා ගත්තේය. ලහිරු කුමාර පන්දු ඕවර 3.5ක් යවා ලකුණු 39ට කඩුලු 02ක් දවා ගත්තේය. චාමික කරුණාරත්න ලකුණු 31කට කඩුල්ලක් දවා ගත්තේය.

තරගයේ  මුලින්ම පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමය. පිතිකරණයේ මුල් පෙළ කුඩු වී ගියේය. කණ්ඩායමක් බිඳ වැටෙන විට    කණ්ඩායමේ නායකයාගේ භූමිකාව කුමක් දැයි දසුන් ශානක පෙන්නුවේය. කණ්ඩායමම දසුන් වූයේය.  ඔහු   පන්දු 38ක දී මනරම් ලකුණු 74ක් ලබා ගත්තේය.  හතරේ පහර 09ක් සහ හයේ පහර 02ක් ඊට ඇතුළත් වූයේය.

අනික් අන්තයේ පන්දුව පිත්තේ වද්දා ගතහැකි පිතිකරුවෙක් සිටියා නම් අඩුම ගණනේ  ලකුණු 160ක සීමාවට අපට යන්නට තිබිණි. එවිට තව ඕවරයක්වත් ඉන්දියාවට ක්‍රීඩා කරන්නට සිදුවිය හැකිව තිබිණි. එහෙත් චාමික කරුණාරත්න තමන් මුහුණ දුන් පන්දු 19කටම ලබා ගත්තේ ලකුණු 12කි. ඔහු පන්දුවට පහර දෙන්නට දරන ආයාසය විටෙක් දුකක් ඇති කළේය.

තරගය තිබුණු ආකාරයට ක්‍රීඩා ලෝලීන් කල්පනා කළේ ලකුණු 100ක ඉලක්කයක් වත් අපේ පිතිකරුවන් ලබා නොදෙනු ඇතැයි කියාය.

ධනුෂ්ක ගුණතිලක මුහුණ දුන් පළමු පන්දුවේදීම කඩුල්ල කුඩු කරගත්තේය.     චරිත් අසලංකට ආරම්භක පිතිකරණය හරි ගියේ නැත. ලකුණු 04කට ඔහු දැවී ගියේය. ජනිත් ලියනගේ ලකුණු 09කි. දිනේශ් චන්දිමාල් යන්තම් ලකුණු 22ක් රැස් කළේය. ඒ පන්දු 27කදීය.

දසුන් පිටියට එන්නේ ශ්‍රී ලංකා කඩුලු 5ක් ලකුණු 60කට බිඳ වැටී ගොස් ඇතිවිටය. පන්දු ඕවර 12.1 යවා ඇති විටය. ලකුණු 146ක අවසානය කරා කණ්ඩායම දසුන් ගෙන එන්නේ තනි අතිනි. ලකුණු 86ක පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයෙහි ලකුණු 74ක් දසුන්ගේය. චාමික කරුණාරත්නට  පන්දු 19 තුළ ලකුණු 12කි.

ඉනිමේ අතිරේක ලකුණු 24කි. දසුන්ට පසුව වැඩිම ලකුණු ගණන එක්වන්නේ අතිරේක ලකුණු ලෙසය.

අපන්දු යැවීමේ දී අවෙශ් ඛාන් ලකුණු 23කට කඩුලු 2ක්, මොහොමඩ් ෂිරාජ්, රවී බිෂ්නෝයි සහ හර්ෂාල් පටෙල්  එක කඩුල්ල බැගින් ලබා ගත්තේය.

මේ තරගය තනිකරම දසුන් ශානක ගේ සහ ෂ්‍රෙයාස් ලියර් අතර ගැටුමක් බඳු වූයේය. දසුන්ගේ ලකුණු 74 පන්දු 38ක දී එක් විය. ෂ්‍රෙයාස් ගේ ඉනිම ලකුණු 73ක් විය. එය ලබා ගත්තේ පන්දු 45ක දීය.

වෙනස ෂ්‍රෙයාස්ට සහයට පිති කරුවන් සිටියේය.

ක්‍රිකට් සමාලෝචනයක් සහ ස්වයං විවේචනයක් අවශ්‍ය බව මේ පරදින පැරදිල්ල අපට කියන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස ගාණක් ලංකාවේ නිවාඩුවේ ඉන්න ආපු යුක්රේන වැසියන් ගැන උදයංග වීරතුංග කියන කතාව!

Next Post

ලොව විශාලතම ගුවන් යානය ම්‍රියා රුසියානු ප්‍රහාරයෙන් විනාශ වෙයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.