ජයකාන්ත ලියනගේ – බළපිටිය –
කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් පළමුවෙන් මෙම කහතිත් පලඟැටියා දකුණු පළාත ආක්‍රමණය කරමින් සිටින බව වාරතා වේ. එළඹෙන්නට ඇති ව්‍යසනයන දැඩි විය හැකි බව දකුණු පළාත් ගොවීහු කියති.

දැනට මෙම පලඟැටියා පොල්, පුවක්, කුරුදු මෙන්ම කෙසෙල් වගාවන්ට වැඩි වශයෙන් හානි කරන බව ගොවීහු පෙන්වා දෙති.
කහ තිත් පළඟැටියා මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද, පුහුල්වැල්ල, වලස්මුල්ල, දෙවිනුවර, ඌරුගමුව, දික්වැල්ල ප්‍රදේශ වලින් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රදේශයෙන් හමු වී තිබෙන බව තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි. කහතිත් පලඟැටියා ශ්‍රී ලංකාවට ආවේණික පලඟැටියෙකු නොවන බවත් වැඩිදුර පර්යේෂණ සදහා මෙම පලඟැටියාගේ සාම්පල ලබාගත් බවත් තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම පලඟැටියා කාන්තාර පලඟැටියා නොවන බවද තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ ආයතනය කීවේය.
මාවතගමින් මුලින්ම හමුවූ මෙම පළඟැටියා ඊට පසුව කෑගල්ල දිස්ත්‍රික්කයේ අඹේපුස්ස, රඹුක්කන, මාවනැල්ල, දැලිවල, අත්නගොඩ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බටුවත්ත මෙන්ම කිලිනොච්චියෙන්ද වාර්තා විය. කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කහ තිත් පලගැටියා වාර්තාවීමත් සමග පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ අනුව රසායනික කෘමිනාශක ඉස පලගැටියා පාලනය කිරීමට පියවරගෙන තිබේ.
මේ අතර දකුණු පළාත තුළද කහතිත් පලගැටියා ව්‍යාප්තවීම සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට පියවර ගෙන තිබෙන බව දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි ඩී ගුණවර්ධන ලංකාසරට ප්‍රකාශ කළේය. පළඟැටියා ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය පළඟැටියා සිටි ප්‍රදේශ වලට කෘෂි රසායනික දියර ඉසීමත් පලඟැටියන් බහුල වගාවන් ගිනි තැබීමට සහ කුරුඳු ඉඩම් ආදිය එළි පෙහෙලි කිරීමටත් පියවර ගෙන තිබේ.
එයින් පසු පළගැටියා පැතිර යෑම සම්පුර්ණයෙන්ම පාලනය කරගැනීමට හැකිවූ බවද දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි ඩී ගුණවර්ධන වැඩි දුරටත් ප්‍රකාශ කළේය.