ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –
සමරිසි , ලිංගික සංක්‍රාන්ති වැනි දේවලට හේතු තිබේ. ඒවා බොහෝවිට මානසිකය. සමහරු කායිකව ස්ත්‍රීය. මානසිකව පුරුෂයෙකි. සමහරු කායිකව පුරුෂයෙකි. මානසිකව ස්ත්‍රියෙකි. මේ දෙගොල්ලන්ගෙන් සමහරු මානසිකව ඇති ලිංගිකත්වය තෝරාගෙන කයේ බාහිර පෙනුම ඊට අනුරූපව සකසා ගනිති. සමහරු හෝර්මෝන ප්‍රතිකාරද ගනිති.
එසේම උපතේදී විශේෂයෙන්ම ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනයේ බලපෑම නිසා කාන්තාවකව ඉපදුනද කාන්තා කාය ශක්තිය ඉක්මවා ගිය ජවයක් ඒ කාන්තාවට ලැබිය හැකිය. ඇය සමග සටන් කරන විට පුරුෂයකු සමග කරන සටනක් සේ දැනිය හැකිය.
මේ අයුරින් ලිංගිකත්වය වෙනස් කරගත් අය, හෝර්මෝන බලපෑමෙන් කායික ජවය අධික වූ අය සහ එසේ වෙනස් කරගත් අය නිසා ස්වභාවයෙන්ම කායිකව හා මානසිකව ලිංගිකත්වය සමාන වූ සාමාන්‍ය පුද්ගලයන්ට ගැටලු ඇතිවේ.
පහත පින්තූරයේ දැක්වෙන්නේ සාමාන්‍ය කාන්තා බොක්සිං ක්‍රීඩිකාවකි. සමහරු මෙම ජයග්‍රහණය කළ ක්‍රීඩිකාව ලිංගික සංක්‍රාන්තියක් සිදුකර ගත් ක්‍රීඩිකාවක් බව කියති. සමහරු කියන්නේ හෝර්මෝන බලපෑම නිසා අධික ජවයක් ඇති කාන්තාවක් බවය. ප්‍රස්තුතය ලෝක සංවාදයට ලක් වන්නේ ක්‍රීඩිකාවක් සමග වෙනස් ජවයක් ඇති ක්‍රීඩිකාවක් බොක්සිං තරගයක නිරත වීමය.

ජය ලැබූ ක්‍රීඩිකාව ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවක් නොවේ නම් පහත කොටස අදාල නැත.
එහෙත් ඇය ලිංගික සංක්‍රාන්තියක් සිදුකරගත් අයෙක් නම්,
ස්වභාවිකවම උපතින්ම කාන්තාවක් වූ ක්‍රීඩිකාවට , ලිංගික සංක්‍රාන්තියකින් කාන්තාවක් වූ ක්‍රීඩිකාව සමග සටන් කළ නොහැකිය.
එයට හේතුව සංක්‍රාන්තික ක්‍රීඩිකාවගේ දේහ විද්‍යාත්මක ස්වභාවය උපතින් සැකසී තිබුණේ පුරුෂ ලක්ෂණ සහිතවය.
පුරුෂ ලක්ෂණ සහිත දේහයක් ඇති සංක්‍රාන්තික ක්‍රීඩිකාවක් සමග ස්ත්‍රී දේහයක් සහිත ක්‍රීඩිකාවකට සටන් කළ නොහැක්කේ සංක්‍රාන්තික ක්‍රීඩිකාව පුරුෂ ජවයෙන් සටන් වදින බැවිණි. ඇගේ ප්‍රහාර ස්ත්‍රී ප්‍රහාර නොවන බැවිණි
කායිකව හා මානසිකව වෙනස් ලිංගිකත්වයන් එකම් පුද්ගලයකුට ඇතිවිට ඔවුන්ගේ අභ්‍යන්තර මානසික අරගලය ඔවුන්ට පීඩා ගෙනදෙයි. සමාජය එය තේරුම් ගත යුතුය. ඔහුට ලිංගිකත්වය තෝරා ගැනීමට ඉඩක් දිය යුතුය
නමුත් යම් යම් සුවිශේෂී අවස්ථාවල එම සංක්‍රාන්ති පුද්ගලයන් අරබයා සීමා , නීති පැනවීම මගින් ඔවුන්ටත් සෙසු සමාජයටත් අවහිර රහිතව සමාජයේ නිදහස්ව සිටීමට ඉඩ සලසා දිය,යුතුය. මන්ද උපතේදී ඇතිවන සංකුලතා කිසිවක් මිනිසාගේ තෝරාගැනීම් නොවන බැවිණි
ක්‍රීඩාවේදී මෙය ඉතාම වැදගත් වේ.
ඔලිම්පික් කමිටුව මෙවන් අදූරදර්ශී ලෙස කටයුතු කිරීම නිසා මෙහි පැරදුනු ක්‍රීඩිකාව තරග නොකරම පරාජය වූවාය. තරගයක් නොකර දිනුම ලද ක්‍රීඩිකාවටද ඒ දිනුම ආස්වාදයක් නොවෙන්නට ඇත. එසේම හෙට දිනයේ ජයග්‍රාහිකාව හට සමාජයෙන් එල්ලවන ප්‍රතිරෝධය දිනුමෙන් ලද සතුට අහිමි කරන්නට ඉඩ තිබේ.
ක්‍රීඩාවේදී එසේ විය යුතු නැත.
මේ පිළිබඳව අදහස් දක්වන විශේෂඥ මනෝ වෛද්‍ය පී.ඩි විජේසිංහයෝ මෙසේ පවසති.
“කුමන වෙනස් කලත් වර්ණදේහ වල පිරිමි XY හා ගැහැනු XX වෙනස් කළ නොහැකියි. මෙය olympic නිලධාරීන්ට නොතේරෙන බව අදහා ගත නොහැකි කාරණාවක් . ඒ අයට para olympic වල වෙනම තරග ඉසවු සංවිධානය කිරීමයි කළයුතුව තියෙන්නේ”
එසේනම් මෙවැනි තත්ත්වයන් ඇතිවීමේ අවස්ථා නිර්මාණය කිරීමේ වගකීම ඔලිම්පික් කමිටුව ට ද?







