පාකිස්තානය මාධ්‍යවේදීන් සඳහා වඩාත්ම භයානක රටවලින් එකක් බවට පත්ව ඇති බවට නවතම දත්ත වාර්තා අනාවරණය කරයි. ඒ අනුව දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ වාර්තාවකට අනුව, මාධ්‍ය නිදහස තර්ජනයට ලක්ව ඇති රටවල් ලැයිස්තුවේ එය පස්වන ස්ථානයට පකිස්ථානය පත්ව තිබේ.
2003 වසරේ සිට මේ දක්වා පකිස්ථානයේ මාධ්‍යවේදීන් 93 දෙනෙකු ඝාතනය කර ඇති බවයයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
පාකිස්තානය සම්බන්ධයෙන් පළවූ මෙම වාර්තාවට අනුව, පාකිස්තානයේ මාධ්‍යවේදීන්ව සටන්කාමීන්, කැරලිකරුවන් සහ “හඳුනා නොගත් රාජ්‍යට සම්බන්ධ පාර්ශවයන් විසින් මරා දමා ඇත. “මෙම ඝාතනවල පොදු ලක්ෂණය වන්නේ එම ඝාතන සම්බන්ධයෙන් සත්‍යය සහ යුක්තිය ඉටුවීමක් සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනීමට නොහැකි වීමයි. ඒ අනුව මේවන විටත් අදාල මාධ්‍යවේදීන් ඝාතනය කළ පුද්ගලයින් නිදැල්ලේ පසුවන බවත් එම මාධ්‍යවේදීන්ගේ පවුල් වල සමාජියින් මෙම ඝාතන වලට පිලිතුර සෙවීම නිෂ්ඵල කාර්යක් බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
2022 ඔක්තෝබර් 23 වන දින කෙන්යාවේ නයිරෝබි නගරයේදී අර්ෂාඩ් ෂරීෆ් වෙඩි තබා ඝාතනය කර ඇති බව ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කරයි. ෂරීෆ්ගේ මරණය මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය සහෝදරත්වය සහ සිවිල් සමාජය කම්පනයට පත් කළ අතර ඔවුන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටියේය.
ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තාවට අනුව, ජනවාරි 5 දා, පකිස්තානයේ අගවිනිසුරු විනිසුරු උමාර් අටා බන්ඩියල් විසින් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අර්ෂාඩ් ෂරීෆ්ගේ ඝාතනය සම්බන්ධයෙන් වූ ස්වෝ මොටු නඩුව විභාගයට ගත්හ.
නඩු විභාගයට පෙර ඉස්ලාමාබාද් පොලිසිය ඒකාබද්ධ විමර්ශන කණ්ඩායමේ ප්‍රගති වාර්තාව අධිකරණයට සහ විනිසුරුවරුන්ගේ මැදිරියට ඉදිරිපත් කළේය.







