බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

විදුලි බිලෙන් එලියට පනින්නේ  ඇමති කාංචනලා ගේ උපන්ගෙයි වංචාව ද?

by editor
ජනවාරි 11, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලි ගාස්තු වැඩි කිරීම ගැන ප්‍රකාශයක් කරමින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී කීවේ මහජන උපයොගිතා පනත සකස් කළේ තමන් බවත් එයට අනුව විදුලි ගාස්තු සංශෝධනය කිරීම අමාත්‍යවරයාගේ  අයිතියක් බව සහ  මහජන උපයෝගීතා  කොමිසට එය වැළැක්වීමේ අයිතියක් නැති වැඩක් ලෙසය.

තවදුරටත් එහාට ගිය ජනාධිපතිවරයා එහිදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා රජයට පටහැණිව ක්‍රියා කරන, පනතට විරුද්ධව කටයුතු කරන පුද්ගලයකු බැවින් ඔහුට පාර්ලිමේන්තු ඉදිරියට ගෙන්විය යුතු  බවටද යෝජනා කළේය. එසේම ජනක රත්නායක සභාපතිවරයාගේ ව්‍යාපාර ලයිස්තුව කියවූ ඔහු මෙම විදුලි ගාස්තු වැඩි කිරීමට විරුද්ධ වන්නේ ඔහුට තම ව්‍යාපාර පවත්වාගෙන යාමේ අපහසුතාව නිසා බවද කීවේය.

Ranil

එම කතාව ඇත්තය. තරු පෙනෙන්නේ නව විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය දුටු විටය. ජනක රත්නායක වරක් මේ රටේ විශිෂ්ඨතම ව්‍යවසායකයා කිරුළ දිනා ගත් අයෙකි. ඔහුට වගේම අපේ ගමේ මුදලාලිටවත් මේ විදුලිය ගාස්තු සංශෝධනය ඉසිලිය නොහැකි වනු ඇත.

විදුලි බල ඇමති කාංචන විජේසේකර පසුගිය විදුලි සංශෝධනයේදී ඉල්ලා සිටියේ සියයට 60ක විදුලි ගාස්තු සංශෝධනයකි. මේ වනවිටත් සියයට 75ක විදුලි ගාස්තුවක පීඩනය විඳින ජනතාව මත යළිත් තවත් සියයට 55ක 60ක විදුලි සංශෝධනයක් වන්නේ කුමක් නිසාද යන්න පැහැදළි නැත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කෙසේ කීවත් අද යථාර්ථයක් වී ඇත්තේ මහජන උපයොගීතා සභාපතිවරයා කී දේය.  ඔහු කිහිප වරක්ම අවධාරණය කළේ 2009 අංක 20 දරණ විදුලි බල පනත අනුව හෝ මහජන උපයෝගීතා පනතට අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා මත නිසා ක්‍රමවේදයකින් මිස වෙනත් කවුරුන් හෝ ඉදිරිපත් කරන විදුලි ගාස්තු සංශෝධනවලට මෙරට නීතියෙන් ඉඩක් නැති බවය. මේ නිසා අවසානයේ  ජනවාරි 08 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අමාත්‍ය කාංචන විජේසේකරගේ අලුත්ම විදුලි ගාස්තු කැබිනට් පත්‍රිකාව වුයේ පිරිවැය මත පදනම් වූ ගාස්තු සංශෝධන සිදු කරන ලෙසට අදළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා වී ඇත.

මේ යෝජනාව  අතට ගත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එය මනාව පැහැදිළි කරමින් කීවේ ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුරූපව විදුලිය ගාස්තු සංශෝධනය සිදු කිරීමට අදාළ  පියවර මේ වනවිටත් ගෙන ඇති බවය. කැබිනට් මණ්ඩලය හෝ විදුලි බල මණ්ඩලය අපෙක්ෂා කරන්නේ පෙබරවාරි මස 15 වැනිදා වනවිට මෙම සංශෝධන අනුමැතිය සහිතව  වැඩි කරන බවට කතා වුවද මහජන උපයෝගීතා කොමිෂන් සභා සභාපතිවරයා කීවේ පවතින නීති පසුබිම තුළ එවැනි ආපස්සට බලපාන ලෙස එය කළ නොහැකි බවය.

මෙවර විදුලි සංශෝධනය සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ විදුලි නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂ ව ඒ මත  පදනම් වූ ගාස්තු ක්‍රමයක් සැකසීමට ය. ඒ අනුව සැලකුවහොත් වැඩි පිරිවැයක් තිබුණොත් ඊට සාපෙක්ෂව විදුලි ගාස්තුව වැඩි වේ. අඩු වුවහොත් ගාස්තුව අඩුවෙයි.

කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ ඇත්තම පිරිවැය ද?

මෙහිදී සභාපතිවරයා මතු කළ තවත් වැදගත් කරුණක් ඇත.  ඔහු පවසන්නේ ගාසතු සංශෝධනය සඳහා සැකසනු කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන පිරිවැය ඇත්තම ම පිරිවැය ද නැතිනම් හිතෙන හිගෙන හැටියට දමා ගන්නා පිරිවැයද යන්න පිළිබඳව ගැටලුවක් පවතනි බවය. ඒ  පිරිවැය දවසින් දවස වෙනස් වී ඇත.  ඔහු පවසන්නේ අදාළ අමුද්‍රව්‍ය මිල වෙළෙඳපොළේ හෝ ලෝක වෙළෙඳපොලේ අඩු වැඩි වීමකින් තොරව විදුලි බල මණ්ඩලයට පමණක් මේ පිරිවැය එහා මෙහා වීමය.

ඔහුට අනුව දෙසැම්බර් මාසයේ 20 වැනිදා මණ්ඩලය දන්වා ඇත්තේ කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය  තාප බලාගාරයට භාවිත කරන නැප්තා ලීටරයක් රුපියල් 164ක් ලෙසය. එය මෙවර රුපියල් 224ක් ලෙස දක්වා ඇත. එනම් මේ කාලය තුළ රුපියල් 56කින් මිල වැඩිවීමක් ලංවිම පෙන්වා ඇත. එය හිතාමතා පිරිවැය ඉහළ නැංවීමේ අරමුණින් කරන ලද එකක්දැයි සැකයක් ඇත.

රුපියල් 80ක් වැනි අඩු මිලකට නැප්තා සපයා ගත හැකිව තිබුණ ද සත්‍ය පිරිවැය ට එහා ගිය අධික ලාබයක් ලබමින් ඛනිජ තෙල් සංස්ථාව ඉහළ මිලකට මෙම ඉන්ධන ලබා දෙන බව සඳහන් ය. පැයකින් නැප්තා ලබා ගත හැකිව තිබියදී මෙසේ රුපියල් 220ක්  වැනි ඉහළ මිලක් මීට යෙදීම මහජන උපයෝගීතා කොමිසමටද ගැටලුවකි.

තාප බලාගාරවලට යොදන ෆර්නේස් ඉන්ධන සඳහා මිල සඳහන් කර ඇත්තේ ලීටරයක් රුපියල් 320ක් ලෙසය. වසරකට නැප්තා ටොන් ලක්ෂ දෙක හමාරක් පමණ අවශ්‍ය වන අතර එ සඳහා මෙම මිල තුළ රුපියල් මිලියන 100ක් පමණ අතිරේක ව වැය කරන්නට මේ අනුව විදුලි බල මණ්ඩලයට සිදුව ඇත. එසේ සිදුව ඇත්තේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව යෙදූ අසාධාරණ මිල නිසාය.

“ මුලින් ඔවුන් ගල් අඟුරු කිලෝ එකක් යොදල තිබුණේ රුපියල් 144කට. ඊළඟ කැබිනට් පත්‍රිකාවෙන් එය 124ක් වුණා. දැන් රුපියල් 104යි.“ මේ අනුව සැලකීමේදී මෙම පිරිවැය යතාර්ථයෙන ඔබ්බට කුමක් හො හේතුවකට එහා මෙහා වන බව පෙනී යයි.

ඒ පිළිබඳව වැඩිමනත් සිතීම සාධාරණ වන්නේ මේ ඇමතිවරයාගේම මූලිකත්වයෙන් පසුගියදා සිදුවන්නට ගිය ගල් අඟුරු ටෙන්ඩර පිරිනැමීම හරහා සූක්ෂම ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් පමණ ගසා ගන්නට උත්සාහයක් පැවති ව කෝප් කමිටුව හමුවේ පවා නිරාවරණය වූ නිසාය.

ඇමති කියන ලෙස අපි කළුවරේ ද?

power

ඇමතිවරයා පවසන්නේ මේ සංශේාධනය නොකලොත් ඊළඟ අවුරුද්දේ අපට කළුවරේ සිටින්නට සිදුවිය හැකි  බවය. එය රටේ ජනතාව ව්‍යාකූල කරවන බිය ගන්වන ප්‍රකාශයකි. එහෙත් බොරු බියක් මවා පෑමක් බව පෙනී යන්නේ ජනක රත්නායක මහතාගේ ැහැදිළි කිරීමත් සමඟය.

ඔහු කියන ආකාරයට ආණ්ඩුව  පුරෝකථනය කර ඇත්තේ 2023 වසරේදී ගිගවොට් පැය 16500ක විදුලිය ඉල්ලුමක් නිර්මාණය වනු ඇතිය යන්නය. මෙම වසරේදී පවතින අර්බුදකාරී තත්ත්වය මත 2022 වසරේදී භාවිත වූ සමස්ත විදුලිය ප්‍රමාණය ගිගාවොට් පැය 15000කට අඩු බව මහජන උපයොගීතා කොමිසම කියයි.  එය සියයට 10කින් පමණ වැඩි වේ යයි උපකල්පනය කළද රටට අතිරේකව ඉන්ධන මඟින් සපුරා ගත යුතුය විදුලිය අවශ්‍යතාව ගිගාවොට් පැය 1500ක් 2000ක් තරම් වන බව ඔහුගේ අධ්‍යයනයයි.

 “ සාමාන්‍යයෙන් ජල විදුලියෙන් අපට ගිගාවොට් පැය 5000ක් ලැබෙනවා. ගල් අඟුරුවලින් තවත් ගිගාවොට් පැය 5500ක් ලැබෙනවා. පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති මඟින් තවත් ගිගවොට් පැය 3200ක් පමණ ලැබෙනවා. ඒ අනුව ගිගවොට් පැය 13700ක් පමණ මෙම මූලාශ්‍රවලින් ලැබෙනවා. ඉතිරිය අප තාප බලාගාර මඟින් සපයා ගත යුතුයි. රජය කියන ඉලක්කගත ගිගාවොට් පැය 16500ක් ලබා ගත යුතු නම් අපට තාප බලාගාරවලින් ගිගාවොට් පැය 2000ක් පමණ තව ලබා ගත යුතුයි.

එහිදී අප මුලින්ම සලකා බලන්නේ අඩුම පිරිවැයක් යන ඉන්ධනය.  දැනට අඩුවෙන්ම වැය වන්නේ  නැප්තාවලට. එය ගල් අඟුරුවලටත් වඩා මිල අඩුයි. අපට නැප්තා භාවිතකර  කැලණිතිස්ස චක්‍රිය සංයුක්ත බලාගාරයෙන් ගිගටවොට් පැය 1000ක් ගන්න පුළුවන්. ඉතිරි 1000 ඊළඟට මිලෙන් අඩු ෆර්නේස් භාවිත කර ගන්න පුළුවන්.. තවත් අවශ්‍ය වන්න් නම් සෙසු තාප බලාගාරවලින් ඉතිරිය ගත හැකියි. ඒ අනුව බැලුවාම අපට පිරිවැය ගැන යම් වැටහීමක් ලබා ගන්න පුළවන්.

ඒ අනුව සැලකීමේදී රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීෘමේදී තීරණාත්මක වැඩි පිරිවැයක් යන්නේ අඩුව පුරවන ඛනිජ තෙල් ඉන්ධනවලටය.

දැනට මේ පිරිවැය සහ සේවක පඩිනඩි නඩත්තු කටයුතු ඇතුළු සමස්ත ක්‍රියාවලියට යන පිරිවැයට ආසන්න වන මුදලක් පසුගිය විදුලිය ගාස්තු සංශෝධනය මඟින් අත්පත් කරගෙන ඇත. අඩුපාඩුවක් වන්නේ නම්  ඒ සාපෙක්ෂව තව සුලු මුදලකි. එයද සැලකිය යුතු තරමකට දූෂණය සහ නාස්තිය අවම කිරීමෙන් පාලනය කර ගත හැකිය.

රටට නොතේරෙන කාංචනගේ නාඩගම

එවැනි පසුබිමක් තිබියදී විදුලිය ගාස්තු වැඩි නොකලොත් පැය ගණන් දවස් ගණන් අඳුරේ හිඳින්නට වේ යයි බය කරමින් කාංචන විජේසේකරලා නටන්නට යන නාඩගම කුමක්දැයි ජනතාවට  තේරෙන්නේ  නැත. දැනටමත් විදුලි බල මණ්ඩලය සැලකිය යුතු ලාබයක් අත්පත් කර ගන්නා පසුබිමක තවත් සියයට 60ක පමණ විදුලිය ගාස්තු වැඩි කිරීමෙන් අපෙක්ෂා කරන්නේ එයින් රාජ්‍ය භාන්ඩාගාරය පිරවීමද එසේ නැතිනම් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිව්‍යූහගතකරණ ව්‍යාපෘතියේ අග්‍රඵලය ලෙස ඉහළ ලාබයක් සහිත විදුලිය ව්‍යාපාරයක් ආයෝජකයන්ට ලබා දීමේ කොන්ත්‍රාත්තුවද යන්න පැහැදිළි නැත

ඔහුගේ මේ පිරිවැය සහ පුරෝකථන සමඟ කටයතු කළොත් අපේ අපනයන ව්‍යාපාරවලට ලෝක වෙළෙඳපොළේ තරඟකාරීව භාණ්ඩ නිෂ්පාදනය කරමින් ඩොලර් උපයන්නට හෝ මේ රටට සංචාරකයන් කැඳවා ඔවුන්ට විදුලිය ලබා දෙන්නට අපේ හෝටල් කර්මාන්තයට ඉඩක් ලැබෙන්නේ නැත.  බලශකතිය පිළිබඳව හසල දැනුමක් ඇති බුද්ධිමතුන්ට මේ අවස්තාව විවෘතය. ඔවුන්ට මහජන උපයෝගීතා තොමිසම මහජන අදහස් විමසීම නැමැති පිළිගත හැකි වේදිකාවක් සකසා ඇත.

රටට හිතකර විදුලි ගාස්තු ක්‍රමයටකට ඔවුන්ගේ යෝජනා අතිශයින්ම තීරණාත්මක වනු ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාධ්‍යවේදීන්ට භායානකම රටක් බවට පාකිස්ථානය පත්වෙයි

Next Post

දරුවන්ට යහපත් සිහි නුවණ උගන්වන “සති පාසල“!

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.