බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ මග කුණු දමන්නට එපා කී කම්කරු සේවකයාට  කන පැලෙන්න ගැසූ මහ නුවර  හිටපු නාගරික මන්ත්‍රී ගුඩ්ඩා කූඩුවේ! කම්කරු සේවකයා රෝහලේ…

by editor
අප්‍රේල් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • මන්ත්‍රීගේ කුපාඩි මැරකමට විරෝධය පා සුදුහුම්පොල ඝන අපද්‍රව්‍ය කළමනාකරන ඒකකයේ සේවකයින් අද පෙරවරුවේ කුණු එකතු කිරීමෙන් බැහැර වෙති!

සිය මෝටර් රථයෙන් පැමිණ කසල පිරවූ බෑගයක් මහ රෑ  සුදුහුම්පොළ ප්‍රදේශයේ මහ මග දමා ගිය  මහනුවර මහ නගර සභාවේ හිටපු ශ්‍රීලනිප මන්ත්‍රී ඉන්දික තෙන්නකෝන් නැමැති පුද්ගලයාගේ  අවකල් ක්‍රියාවට එරෙහි වූ  මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකුට ඔහු විසින්  පහර දී තුවාල සිදුකර ඇතැයි ද එම වරදට මෙම හිටපු නාගරික මන්ත්‍රීවරයා   ඊයේ (01) රාත්‍රියේ දී අත් අඩංගුවට ගෙන ඇතැයි ද මහනුවර පොලිසිය පවසයි.

මෙම සිද්ධිය පසුගිය 31 වැනිදා සිදුවී ඇති අතර හිටපු නාගරික මන්ත්‍රීවරයා විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් කම්කරු සේවකයා තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඔහුගේ කනට මැහුම් තුනක් දමා තිබේ.

මන්ත්‍රීවරයා 31 දා රාත්‍රියේ මෝටර් රථයෙන් පැමිණ කසළ පිරවූ බෑගයක් සුදුහුම්පොළ ප්‍රදේශයෙන් මාර්ගයට බැහැර කර ඇතැයි ද  එය දුටු නගර සභාවේ කම්කරු සේවකයෙක් නිසි ලෙස වෙන් නොකළ කසල තැන තැන බැහැර නොකරන ලෙස දන්වා    එය රැගෙය යන ලෙස දැනුම් දෙමින් කසල  බෑගය මෝටර් රථය තුළට දමා ඇතැය  ද වාර්තා වේ.

අනතුරුව ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ ප්‍රධානි ඉංජිනේරු නාමල් දිසානයක මහතාට සිද්ධිය දැනුම් දීම පිණිස මෝටර් රථයේ අංක තහඩුවේ ඡායාරූපයක් ජංගම දුරකතනයෙන් ලබා ගැනීමට කම්කරු සේවකයා කටයුතු කර ඇත.

ඒ   අවස්ථාවේ මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් බැස තමන් ට  පහර දුන්නේ යැයි  මහනුවර මහ නගර සභාවේ කම්කරුවෙකු ලෙස සේවය කරන ශිවකුමාර් ශිවනාදන්  පොලිසියට පැමිණිලි කර තිබේ.  තුවාල ලද කම්කරු සේවකයා මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතර සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සුදු හුම්පොළ උප කාලර්යාලයට අනුයුක්තව සේවය කරන කම්කරුවන් අද (02) පෙරවරුවේ පැයක පමණ කාලයක් කසළ එකතු කිරීමෙන් බැහැර වී සිටියහ.

මහනුවර  පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්   ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවිත රැසක් අහිමි කරමින් ඉස්තාන්බුල් හි සමාජ ශාලාවක හටගත් ගින්න!

Next Post

පාතාලය හා දීග කන පොලිස් නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ගේ වත්කම් සහ ගිණුම් පරීක්ෂාව සඳහා බුද්ධි මෙහෙයුමක් ඇරඹෙයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.