දිනසේන රතුගමගේ –
යාපනයේ පදිංචි විසිහය හැවිරිදි තරුණියක් කිළිනොච්චිය ඉරණමඩු කනකම්බිකුලම් ප්‍රදේශයේදී නාදුණන පිරිසක් විසින් ඊයේ ( 17 ) රාත්‍රීයේ පැහැර ගෙන ගොස් තිබේ.
මෙම තරුණිය යාපනයේ පුන්නලයිකට්ටුවාන් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය කිළිනොච්චිය නගරයේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක සේවය කරණ නිසා කුලී පදනම මත ඉරණමඩු ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇත.
ඇය සිය රැකියාව නිම වී ආපසු නේවාසිකාගාරය වෙත යමින් සිටියදී මෙම පැහැර ගැනීම සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසියට පැමිණිලි ලැබීමෙන් පසුව පොලීසිය කළ සෝදීසියකදී තරුණිය භාවිත කළ බවට සැකකෙරෙන අත් බෑගයක් හා ජංගම දුරකතනයක් හමු වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරගෙන යයි.







