මහසොහොන් බලකායේ නිර්මාතෘ අමිත් වීරසිංහ විසින් පවත්වාගෙන යනු ලැබූ තැන්නේකුඹුර ප්‍රදේශයේ නිවසක් අද 20දා අලුයම 03:45 ට පමණ ගින්නෙන් දැවී ගොස් තිබේ.
මෙම නිවස ඔහු විසින් සමාජ සේවා කටයුතු වලට අදාල සංවිධාන කටයුතු සිදු කිරීමට පවත්වාගෙන යන ලද්දක් බවට පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.
සමාජ සේවා කටයුතු වලට අදාලව දරුවන් සඳහා බෙදා දීමට නියමිතව තිබූ පොත් තොගයක් ගින්නෙන් පිළිස්සී ගොස් ඇති බවට ද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත